
අතීතයේ පටන් මිනිසා වටිනා වස්‌තූන් කෙරෙහි ආශාව ලැදි බව හා ගරුත්වය මත එකතු කර ගැනීම් සඳහා පෙළඹිණි. ඒ අනුව මැණික් හා රත්‍රං සඳහා වැඩි කැමැත්තක් දැක්‌වූ බව පෙනේ. පොළෙව අභ්‍යන්තරයෙන් මතු කරගන්නා මැණික් ග්‍රහ අපල වළක්‌වාලීම සඳහා ජ්‍යෙdතිෂය මගින් නිර්දේශ කෙරේ. එමෙන්ම මුහුදේ ජීවත් වන බෙල්ලන්ගෙන් ලබා ගන්නා මුතු ද අපල සඳහා යොදාගන්නා තවත් වර්ගයකි. ඒ අනුව තමන්ගේ කේන්ද්‍රය පරීක්‍ෂා කර අදාළ මැණික් වර්ගය පැළඳීමෙන් අපල දුරුකර ගැනීම සිදුකරයි.
විශේෂයෙන්ම පාප ග්‍රහයන්ගේ මහ දශාවලදීත්, අන්තර් දශාවලදීත් පැමිණෙන ලෙඩ දුක්, හදිසි අනතුරු, මාරක අපල වැනි දෙයින් තමන්ගේ ආරක්‍ෂාවටත් ඒවායින් ගැලවීමටත් මෙසේ වටිනා ගල් වර්ග පළඳිනු ඇත. ඒ ඒ මැණික් වර්ග ආභරණ වල අල්ලා පැළඳීමේදී කළ යුතු තවත් විශේෂ දෙයක් ඇත. එනම් යම්කිසි ගලක් ආභරණයකට අල්ලා පළඳින්නේ නම් එම ග්‍රහයාට හිමි කවචය ජප කිරීමෙනි. එම කවචය 1008 වාරයක් මතුරා ගත යුතුය. අපලයට අදාළ ගල තම ශරීරයේ ස්‌පර්ෂ වන ලෙසට ආභරණවලට ඇල්ලීමට ද, ගල සඳහා නියමිත බරක් ද අනුගමනය කිරීම වැදගත්ය.
නවරත්න මුදුවේ අපල ඇති ග්‍රහයාට අදාළ ගල් පමණක් ජීවම් කර ගත යුතුය, අපලයට අදාළ ග්‍රහයාට ගැළපෙන ලෝහයට ගල ඇල්ලීමද සුදුසුය. උදාහරණ නම් සෙනසුරු අපලයට කාක නිල් මැණික් ගල ලෝකඩ මුදුවකට ඇල්ලීම කළ යුතුය. තවද සිකුරු ග්‍රහයාට රිදී මුදුවකට දියමන්ති ගලක් ඇල්ලීම සුදුසුය. ග්‍රහ අපල යනු පෙර ආත්ම ගතව අප කරන ලද කර්මශක්‌තීන් වේ. පෙර ආත්ම ගතව ඇති කර්ම ශක්‌තීන් මෙම ආත්මයේ කවර කවර අවස්‌ථාවල බලපානවාද යන්න කේන්ද්‍රය තුළින් විනිශ්චය කරයි. සමහරෙක් මැණික් ගලක් මුදුවක හෝ කර පළඳනාවක අල්ලා තමන්ට රුචි පරිදි පළ¹ගනී. එය නිවැරදි ක්‍රමය නොවේ. අදාළ මැණික් ගල අදාළ ග්‍රහ කවචයෙන් ජීවම් කර පැළඳීම අනිවාර්ය වේ. එසේ නොවුණොත් බලාපොරොත්තුවන ප්‍රතිඵල කිසිවිටකත් ලද නොහැකිය.
💠. රවි අපලයට
පද්ම රාගය යන රතු මැණික මෙම අපලය සඳහා පළඳිති. ලංකාවේ ඇති රූබී යන නම ද මෙම මැණිකට කියනු ලබයි. ලා රතු මිශ්‍ර තැඹිලිs පැහැයට එය හුරුය. මෙය නවරත්න මුදුවේ මැදට අල්ලයි.
ගහණමිදි රදිතෙඝා
ලෝකරක්‍ෂණ කාරකඃ
විසමස්‌ථාන සම්භූතඃ
පීඩාං හරතුමේරවිඃ
💠. සඳු අපලයට
සුදු නිල් දම් රෝස සහ කළු පාටින් යුත් වර්ගයක් වන මුදු පැළඳීම සිදු කරයි.
රෝහිණිසඃ සුධාර්මතීඃ
සුධාගාත්‍රාං සුධාසනඃ
විෂමස්‌ථාන සම්භූතඃ
පීඩාං භරතුමේ විධුඃ
💠. කුජ අපලයට
කුජ අපලයට පළඳින්නේ කොරල්ය. මහ මුහුදේ ගල්පර අතර සෑදෙන මෙම කොරල් මේ සඳහා යොදා ගනියි. මෙයට පළඳින කොරල් රතු පැහැයෙන් යුතුය.
භූමි පුත්‍රො මහා තේජෝ
ජගතාං භයකෘත්සදා
වෘෂ්ටිකා ද්‍රෂ්ටි භර්තාව
පීඩාංහරතු මේ කුජඃ
💠. බුධ අපලයට
පච්ච මැණික් ගලක් රත්තරං මුදුවකට අල්ලා පැළඳීම මේ සඳහා සුදුසුය. එමෙන්ම සුළඟිල්ලේ මේ මුදුව පැළඳීම වඩා සුදුසුය.
උත්පාත රූපෝ ජගතා
චන්ද්‍ර පුත්‍රො මහද්යුතිඃ
සූර්ය ප්‍රිය කරෝ විද්වා
පීඩාං හරතු මේ බුධඃ
💠. ගුරු අපලයට
පුෂ්පරාග මැණික් ගල් මේ සඳහා යොදා ගනියි. අප රටේ පොළවෙන් ලබා ගන්නා වටිනාකම අතින් ඉතා වැඩි මැණික් ගලක් වෙයි. රත්තරං මුදුවකට අල්ලාගත් පුෂ්පරාග මැණික් ගල තමන්ගේ වෙද ඇඟිල්ලේ පැළඳීම ඉතා ම සුබයි. මෙහි වර්ණය කහ පැහැතිය.
දේව මන්ත්‍රී විශාලාක්‍ෂං
සදාලොක හිතෙරතඃ
අනෙක යස්‍ය සම්පූර්ණඃ
පීඩං හරතුමේ ගුරුඃ
💠. සිකුරු අපලයට
දියමන්ති සිකුරු අපලයට පළඳිනු ලබයි. මැණික් වර්ග අතර ඉතාමත් ශක්‌තිමත් ගලක් වන මෙය රිදී මුදුවකට අල්ලා පැළඳීම වඩාත් යෝග්‍ය වෙයි.
දෛත්‍ය මන්ත්‍රීගුරුසෙතෙෂාං
ප්‍රාණ දශ්ව මහාමතීඃ
ප්‍රතුස්‌තාර ග්‍රහණාංච
පීඩාං හරතු මේ භෘගුඃ
💠. ශනි අපලයට
ශනි නොහොත් සෙනසුරුගේ අපල උවදුරු වලින් මිදීම සඳහා කාක නිල් මැණික් ගලක් ඇල්ලූ මුදුවක් පැළඳීම වඩාත් සුදුසුය. එම ගල ලෝකඩ මුදුවකට අල්ලා පළඳින්නේ නම් වඩාත් සුබ ප්‍රතිඵල අත් වෙයි.
සූර්ය පුත්‍රො දීර්ඝ දෙහො
විශාලක්‍ෂං ශීවප්‍රියඃ
දීර්ඝමාරඃ ප්‍රසන්තාත්මා
පීඩාං හරතු මේ ශනිඃ
💠. රාහු අපලයට
ගෝමේද මැණික් ගලක් මුදුවකට අල්ලා මැද ඇඟිල්ලේ පළඳිති.
මහා ශීරා මහා වක්‍රො
දීර්ඝ දංස්‌ට්‍රා මහා බලඃ
අතන්දාශ්වොර් ධවකෙශශ්ව
පීඩං හරතු මේ සි
💠. කේතු අපලයට
මේ සඳහා වෛරෝඩි මැණික් ගලක් මුදුවකට අල්ලා පළඳිනු ලබයි.
අනෙක රූප වර්ණෛහ්ව
ශතශොථ සහශ්‍රශඃ
උත්පාත රූපො ජගතාං
පීඩාං හරතු මේ තමඃ
We found this article from Divaina on 2014/01/05.
පරපුරෙන් පරපුරට රුවන්පුරයේ විශ්වාසය
තත්ව සහතිකය සමගින්
ඔබට අවශ්‍ය සියලුම ස්වභවික මැණික් වර්ග
වගකිම සහිතව ස්වර්ණාභරණ රිදි ආභරණ නිර්මාණය කරගන්න……
💎පළපුරුදු මැණික් කැපුම් කරුවන්ගේ තාක්ෂණය
💎ප්‍රවීන ස්වර්ණාභරණ නිර්මාණ ශිල්පින්ගේ සේවය
💎මැණික් තත්ව සහතිකය සහ ස්වර්ණාභරණ සඳහා තත්ව සහතිකය
💎නොමිලේ මැණික් උපදේශණ සේවය
💎ලංකාව තුල ප්‍රවහනය නොමිලේ
💎ලෝකයේ ඕනැම රටකට ඉතා අඩුමුදලකින් ප්‍රවහන පහසුකම්
💎ක්‍රෙඩිට් කාඩ්පත් සහ ඔන්ලයින් බැංකු ගිණුම් සේවා
මේ සියල්ල සමගින් සුහද ශිලි කාර්‍ය මණ්ඩලය පැය විසිහතර පුරා ඔබ වෙනුවෙන් සේවයට
🔷🔷🔷🔷🔷
මේ මස 30 වන දා දක්වා මිලදී ගන්නා 1 Ct වැඩි මිලදිගැනිමකට ස්වභවික ටයිගර් පළඳනාවක් නොමිලේ….👍👍💪💪
අපිට කතා කරන්න….
☎ 071-684 4834
☎077-191 0216
☎077-322 1047
Gemeshop@ parakaduwa
On line oder center
Rathnapura Road,parakaduwa
Gemeshop@eheliyagoda
Saman pedesa
Mahingoda
Eheliyagoda