1655742059107

ස්‌ත්‍රී, පුරුෂ භේදයකින් තොරව පුද්ගලයන් විවිධ ඉරියව්වලින් නිදා ගනී. එම නිදන ආකාරය දෙස බලා ඔහුගේ හෝ ඇයගේ ගති ගුණ ඇවතුම් පැවතුම් වටහා ගත හැක. මෙම නිදන ආකාරවලට පලාපල කීමේදී පුද්ගලයෙක්‌ නිදා ගැනීමට ගොස්‌ පළමුව ඇඳේ වැතිරෙන ආකාරයට පැවසිය යුතුයි. මන්ද මුළු රැය පුරා කිසිම පුද්ගලයෙක්‌ එක්‌ ඉරියව්වකින් නොනිදයි.

 

⚫. උඩුකුරුව නිදා ගැනීම (උඩුබැලි අතට) –

මෙවන් පුද්ගලයන් බොහෝ සැප සම්පත් බුක්‌ති විඳින, සතුටින් මුළු ජීවිතයම ගෙවන අය වේ. රජෙකුට බඳු පිළිගැනීමක්‌ ඇති අයෙකි.

 

⚫. යටිකුරුව නිදා ගැනීම (මුනින් අතට) –

මෙවන් පුද්ගලයන් අධි උත්සාහවන්තයන්ය. මෙම උත්සාහවන්තකම නිසාම මොවුන් බොහෝ ධනවත් වේ.

 

⚫. එක්‌ ඇලයකට හැරී නිදා ගැනීම –

මොවුන් ඉගෙනීමට ඉතා දක්‍ෂය, ඥනවන්තය, තවද මොවුන්ගේ සිතේ පරිත්‍යාගය, කරුණාව, දයාව බොහෝ පිහිටා ඇත.

 

⚫. දණහිස්‌ එකට නවාගෙන තමන්ගේ උදරයට කොට්‌ටයක්‌ තබාගෙන ඇලයට නිදා ගැනීම –

මෙලෙස නිදන පුද්ගලයා මුදල් වියදම් කිරීමට මැලි අයෙකි. අවශ්‍ය දේට වුවද මුදල් වියදම් නොකරයි. මසුරුකම නිසා බොහෝ පාඩු සිදුකර ගනී. නිතර සිතින් දුක්‌ විඳින කෙනෙකි.

⚫. ඇලයට හැරී එක්‌ අතක්‌ අනෙක්‌ අතින් අල්ලා, එක්‌ පාදයක්‌ අනෙක්‌ පාදයේ වලලුකර මත තබා නිදන පුද්ගලයා –

ජීවිතය සමබරව පවත්වාගෙන යන අයෙකි. දුක හෝ සැප දෙකේදීම නොබියව මුහුණ දේ. නිසියාකාරව ධනය යොදවයි. කිසිදින ණය වීම සිදු නොකරයි. තම ප්‍රශ්න තමන්ම විසඳා ගනී.

 

⚫. දෙදණ, වැලමිට, නළල බිම තබාගෙන පසඟ පිහිටුවා වඳින ආකායට නිදන පුද්ගලයා –

අවිවේකී තැනැත්තෙකි. මෙම පුද්ගලයා තමන්ට ලැබෙන සෑම අවස්‌ථාවකදීම ප්‍රයෝජන ගනී. ඉතා ආත්මාර්ථකාමීය. අනුන්ට කිසි උදව්වක්‌ නොකරයි.

 

⚫. දෙපා හා දැත් මදක්‌ දෙපසට හිඳුවා උඩුකුරුව නිදන තැනැත්තා –

මොවුන් යස ඉසුරින් පිරි ජීවිතයක්‌ ගත කරයි. ඉතා වාසනාවන්තය. පරාර්ථකාමී අයෙකි. ත්‍යාගශීලීය. සමාජයේ ගෞරවයට පාත්‍ර වේ. සමාජය තුළ කැපී පෙනෙන අයෙකි.

 

⚫. දෙ අත්ල, දෙවැලමිට, දෙදන කෙලවර, වලලුකර ද එකක්‌ මත එකක්‌ තබා වම් ඇලයට හැරී නිදා ගැනීම –

මෙවන් පුද්ගලයන් ඉතා නැණවත් පුද්ගලයන්ය. ජීවිතේ සෑම දෙයක්‌ම ක්‍රමවත්ව සැලසුම් කරයි. මොවුන් ඕනෑම ප්‍රශ්නයක්‌ දෙස තුලනාත්මකව බලයි. නීතිගරුකය, බුද්ධිමත්ය, අවංකය, යුක්‌ති ගරුකය, බුද්ධිය නිසා ජනාදරයට පත්වේ.

⚫. හිසේ සිට දෙපතුල දක්‌වා පොරෝනයකින් වසා නිදා ගන්නා පුද්ගලයා –

බිය ගුල්ලෙකි. ඉතා අලසය, මුළුගැන්වීම මොහුගේ ස්‌වභාවයයි. ආත්ම ශක්‌තියෙන් හීනය, දිළිඳු අයෙකි.

 

⚫. කොට්‌ටය දැතින් බදාගෙන මුනින් අතට නිදන පුද්ගලයා –

ධන ඉපයීමට ශූරයෙකි. රැස්‌කරගත් ධනය ආරක්‍ෂා කර ගනී. වෙලාවට වැඩ කරයි. මසුරු නැත. ආගම දහමට ලැදිය. තම කාර්යයන් පිළිවෙළට කරයි. විශ්වාසවන්ත අයෙකි. අනුන්ගේ සැපතේදී සතුටු වේ.

 

⚫. නිදන විට වළලුකරෙන් පහළ ඇඳෙන් පිටතට වැටීමට නිදන පුද්ගලයා –

බියෙන් හා සැකෙන් නිතර පසුවන අයෙකි. අදෘශ්‍යමාන බලවේගවලට ඔහු තුළ ඇත්තේ දැඩි බියකි. මොවුන් ප්‍රශ්නවලින් පැනයයි. සැකය බොහෝ වැඩි අයෙකි. අනුන් නිතර සැක කිරීම නිසා වටිනා පුද්ගලයන් නැතිකර ගනී.

We found this article from Divaina on 2014/05/25.

About The Author

Leave a Reply