
තමන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් සම්බන්ධයෙන් තීන්දුව ලැබෙන තුරු පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයේ හෝ අමාත්‍ය ධූරයක දිවුරුම් නොදෙන බව ව්‍යාපාරික ධම්මික පෙරේරා අද (ජූනි 20) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.
ව්‍යාපාරික ධම්මික පෙරේරා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට සඳහන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් 5ක් විභාගයට ගත් අවස්ථාවේදී ධම්මික පෙරේරා මහතා වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටි ජනාධිපති නිතීඥ රොමේෂ් ද සිල්වා මහතා මෙම දැනුම් දීම කළේය.