
අද දෙරණ 360 වැඩසටහනට එක්වෙමින් රෝයල් පාක් ඝාතන සිද්ධියේ වරදකරුට ජනාධිපති සමාවදීමේ දී පවුලේ සාමාජිකයින්ගෙන් කිසියම් අයෙකු මුදලක් ලබාගෙන ඇති බවට බුද්ධි අංශ නිලධාරින් අනාවරණය කළ බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.
අද දෙරණ 360 වැඩසටහනට එක් වූ හිටපු ජනාධිපතිවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළේ, අදාළ ඝාතනයට දඬුවම් ලැබූ පුද්ගලයාට සමාව ලබාදීම වෙනුවෙන් පූජ්‍ය අතුරලියේ රතන හිමි පවුලේ සාමාජිකයින් සමග පැමිණි දිගින් දිගටම තමාගෙන් ඉල්ලීම් සිදුකළ බවය.
“රෝයල් පාර්ක් තරුණයා ගැන දෙමාපියෝයි අතුරලියේ රනත හිමි ඇවිල්ලා ලිපියක් දීලා කතා කළා. මම වැඩිය ඒ ලිපිය ගණන් ගත්තෙත් නෑ. ඊට පස්සේ මම දන්නෙත් නෑ හිටපු ගමන් වරින් වර රතන හාමුදුරුවෝ එනවා ඒ රෝයල් පාර්ක් පවුලේ අයත් එක්ක ඇවිල්ලා කියනවා මේක කොහොමහරි කරලා දෙන්න කියලා.”
ප්‍රශ්නය – උන්වහන්සේට තිබුණ උනන්දුව මොකක්ද ඒ ගැන ?
“ඇත්තටම ඉතින් මට කියන්න බෑ, මොකද අර පවුලත් ක්‍රිස්තියානී පවුලක්. ඒ තරුණයා නිදහස් කරන්න මම කොටි 5ක් අරන් තියෙනවා කියනවා. කෝටි 800ක් අරන් කියනවා. කෝටි 500ක් අරන් කියනවා. ඉතින් මම ඒ කාලේ CID මහත්වරුන්ට කිව්වා මෙන්න මේ විදියේ කතාවක් යනවා රෝයල් පාර්ක් ළමයා නිදහස් කරපු එක ගැන මම විශාල මුදලක් ගත්තා කියලා ඒ නිසා මේ ගැන ටිකක් හොයන්න කියලා. පස්සේ හොයාගෙන යනකොට ඒ පවුලේ අය යම් මුදලක් කාටහරි දීලා තියෙනවා. මමනං සතපහක්වත් ගන්නෙත් නෑ… ගත්තෙත් නෑ..
ප්‍රශ්නය – ඒ අරගෙන තියෙන අය තමයි බොහෝ සේ උනන්දුවෙලා තියෙන්නේ කියලා හිතන්න පුළුවන් ද ?
“ඔව් ඉතින් උනන්දුවෙලා තියෙන්නේ ඒ අය කියලා කියන්නත් පුළුවන්.”