
ජාත්‍යන්තර යෝගා දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් ඊයේ (21 වැනිදා) කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී විශේෂ ‘යෝගා’ සැමරුම් වැඩසටහනක් සංවිධානය කර තිබිණි.
එම වැඩසටහනට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහභාගිවූ අතර එම අවස්ථාවට විශේෂ ආරාධිතයකු ලෙස ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ද සහභාගි විය.