6ixtyLogo

පන්දු 60කින් සමන්විත දේශීය ක්‍රිකට් තරගාවලියක් හඳුන්වාදීමට බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ආයතනය සහ කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලි සංවිධායකයන් කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම පන්දුවාර 10 ක්‍රිකට් තරගාවලිය නම් කර ඇත්තේ THE 6IXTY නමින් හැදින්වෙන අතර පළමු අදියර එළැඹෙන අගෝස්තු මස 24 වැනිදා සිට 28 වැනිදා දක්වා ශාන්ත කිට්ස් සහ නේවිස්හිදී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

ඒ සදහා ලොව පුරා සිටින හොඳම ක්‍රිකට් ක්‍රීඩකයින් රැසක් සහභාගීත්වයෙන් පිරිමි කණ්ඩායම් හයක් සහ කාන්තා කණ්ඩායම් තුනක් යටතේ තරග පැවැත්වීමට සැලසුම් කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුනා.

එපමණක් නොව මෙම තරගාවලිය සඳහා නවතම නීති රීති කිහිපයක්ද හඳුන්වාදීමට සැලසුම් කර තිබීමද කැපී පෙනෙන සිදුවීමකි.

ලීග් නීති රීති අනුව සෑම පිතිකරණ කණ්ඩායමකටම ලබා ගත හැක්කේ සම්ප්‍රදායික කඩුලු 10 වෙනුවට කඩුලු 6ක් පමණි. හයවැනි කඩුල්ල බිඳ වැටුණු වහාම හෝ ඕවර 10 අවසන් වූ වහාම ඉනිම අවසන් වේ.

සෑම පිතිකරණ කණ්ඩායමකටම පවර්ප්ලේ ඕවර දෙකක් ඇති අතර , නමුත් ඔවුන්ට පළමු පන්දු 12 තුළ හයේ පහර 2ක් එල්ල කිරීමෙන් තෙවැනි පවර්ප්ලේ ද ලබාගත හැකි වීමද විශේෂත්වයකි.

පන්දු යැවීමේ කණ්ඩායමට විනාඩි 45ක් ඇතුළත පන්දුවාර 10ම යැවීමට නොහැකි වුවහොත් අවසන් ඕවරයේදී එක් පන්දු රකින්නෙකු අඩු කරනු ලබන අතර පන්දු රැකීමේ කණ්ඩායම පිටියේ සිටින්නේ ක්‍රීඩකයින් 10 දෙනෙකු පමණි.

එමෙන්ම සාමාන්‍ය ක්‍රිකට් තරගයකදී මෙන් නොව මෙහිදී පන්දුවාර 5ක් අඛණ්ඩව එක් අන්තයකින් යොමු කිරීමට නියමිතව ඇති අතර ඉන් පසුව අවසන් පන්දු 30 අන්ත වෙනස් කරමින් යවනු ලැබේ. කිසිම පන්දු යවන්නෙකුට ඕවර දෙකකට වඩා යැවීමට නොහැකි වනු ඇත…

About The Author

Leave a Reply