IMG-20220620-WA0000

ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා මහතාට අදාළ කාර්යයන් සහ ආයතන ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත්කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව ජූනි 27 දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ ගැසට් පත්‍රය නිකුත් කර ඇත.

ඒ අනුව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව, කොළඹ වරාය නගරය ආශ්‍රිත ව්‍යාපෘතිය, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, කලම්බු ලෝටස් ටවර් මැනේජ්මන්ට් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ්, ටෙක්නෝපාක් ඩිවලප්මන්ට් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් සහ තොරතුරු තාක්ෂණ උද්‍යාන අදාළ අමාත්‍යංශයට අයත් වේ.

About The Author

Leave a Reply