මේ ඇප් එක නම් වැදගත් වෙන්නේ දරුවෝ ඉන්න අම්මලා තාත්තලාට. දැන් කාලේ ළමයින්ගේ වුණත් අතේ ස්මාට්‍ෆෝන් තියෙනවා. ඒකට කරන්න දෙයක් නෑ. හැබැයි දරුවන්ගේ ෆෝන් පාවිච්චිය සීමාවක් ඇතුව සිද්ධවෙන බවට වගබලා ගැනීම දෙමාපියන්ගේ වගකීමක්.
Google Family Link ඇප් එකෙන් ආන්න ඒ වගකීම ඉටු කරන්න දෙමාපියන්ට හොඳ සහායක් ලබාදෙනවා. Google Family Link ඇප් එක ඔස්සේ අම්මලා තාත්තලාට බලන්න පුළුවන් ළමයි ෆෝන් එකේ සිද්ධ කරලා තියෙන ඇක්ටිවිටීස් වල සම්පූර්ණ ඉතිහාසයම. ආයෙ කිසිම හොර වැඩක් කරන්න බෑ. ඒ වගේම Google Family Link එකෙන් ෆෝන් එකේ තියෙන යම් යම් ඇප්ස් බ්ලොක් කරන්න පුළුවන්. ඒ වගේම යම් යම් ඇප්ස් ඩවුන්ලෝඩ් කරනකොට අම්මට තාත්තට නෝටිෆිකේෂන් එන විදියට සකස් කරන්නත් පුළුවන්.