IMG-20220629-WA0018

අඩි 13 දිග රාත්තල් 661 ක් බර මඩුවෙක් කාම්බෝජයේ මීකොං ගංගාවෙන් හමුවුණු  අතර එම මඩුවා ලොව විශාලතම මත්ස්‍යයා ලෙස ගිනස් වාර්තා අතරට එක් කර ගැනීම ඊයේ (28) සිදුවිය.

පසුගිය ජුනි 13 වෙනිදා මිකොං ගංගාවේ ධීවරයන් කණ්ඩායමකට මෙම යෝධ මඩුවා හමුවිය. ඒ සිදුවීම එම අවස්ථාවේදී එය ලොව ප්‍රධාන පෙළේ පුවතක් බවට ද පත් විය.

ගිනස් කමිටුවේ ද අවධානය මඩුවා වෙත යොමු වුණු අතර ඔවුන් ඊයේ (28) දිනයේ ලොව විශාලතම මිරිදිය මත්ස්‍යා ලෙස මෙම මඩුවා ඔවුන්ගේ වාර්තා පොතට එක් කළේය.

කාම්බෝජ වැසියන් මෙම යෝධ මඩුවා ‘බොරාමි’ යන නමින් නම් කර ඇති අතර එහි අර්ථය වන්නේ ‘පුර සඳ’ ය. සත්ව විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ ‘බොරාමි’ දුර්ලභ ගන්නේ මිරිදිය මඩුවකු බවයි.

About The Author

Leave a Reply