Passport

ලොව එක් එක් රටවල ගමන් බලපත්‍ර ඇසුරින් Passport Index විසින් සකස් කෙරෙනා නවතම ගමන් බලපත්‍ර ශ්‍රේණිගත කිරීම අනුව ඒ එක් එක් රටෙහි ගමන් බලපත්‍රය කොතරම් බලසම්පන්නදැයි සොයා ගැනීමට හැකිය.

පූර්ව වීසා ලබා ගැනීමකින් තොරව තවත් රටකට යාමට අදාළ ගමන් බලපත්‍රයට ඇති හැකියාව අනුව එක් එක් රටෙහි ගමන් බලපත්‍රයට ඇති පිළිගැනීම වෙනස් වේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) ගමන් බලපත්‍රය අද වන විට ලොව බලගතුම ගමන් බලපත්‍රය ලෙස සැලකෙනවා . එය දරන්නෙකුට වීසා රහිතව (Visa Free) රටවල් 115 කට ඇතුල් වීමට හැකි අතර රටකට ඇතුළත් වන අවස්ථාවේ දී (Visa On Arrival) වීසා ලබා ගත හැකි රටවල් සංඛ්‍යාව 55 ක් වෙනවා . රටවල් 28 කට පමණක් පූර්ව වීසා ලබා ගැනීමක් (Visa Required) අවශ්‍ය වෙනවා.

ශ්‍රී ලංකා ගමන් බලපත්‍රයෙන් වීසා ලබා ගැනීමකින් තොරව රටවල් 12කට  ඇතුල් වීමට අවස්ථාව ලැබෙන අතර Visa On Arrival පහසුකම යටතේ රටවල් 37කට යාමේ අවස්ථාව ඊට හිමිවෙනවා . ලොව රටවල් 147කට ඇතුල් වීම සඳහා පූර්ව වීසා ලබා ගැනීම අනිවාර්යය වෙලා තියෙනවා. ඒ අනුව මෙම ශ්‍රේණිගත කිරීමේ ශ්‍රී ලංකාවේ ගමන් බලපත්‍රයට ලැබී ඇත්තේ 83 වැනි තැනයි.

1. Bahamas
2. Barbados
3. Dominica
4. Gambia
5. Grenada
6. Haiti
7. Lesotho
8. Saint Kitts and Nevis
9. Singapore
10. St. Vincent and the Grenadines
11. Tajikistan
12. Venezuela

Passport Index වෙබ් අඩවියට අනුව ඉහත සඳහන් රටවල් වලට  ශ්‍රී ලංකා ගමන් බලපත්‍රයකින් පූර්ව වීසා ලබා ගැනීමකින් තොරව ඇතුළත් විය හැකි වෙනවා.

About The Author

Leave a Reply