How-anorexia-can-affect-your-sex-life
මා අනියම් බිරිඳක කෙරුවේ නුඹය….
නියම් බිරිඳක සිටියදී මා වෙතට ආවේ නුඹය….
අවසානයේ මා පජාත බඩුවක් කෙරුවේද නුඹය….
කසාද බිරිඳ සිටියදී මා වෙතට ආ නුඹ…
ලෝකයා හමුවේ පට්ට සුපිරි හාමු කෙනෙකි….
කසාඳ සැමියා වූ නුඹ සිටියදී….
කලින් පෙම්වතාට අමතන නුඹේ බිරිඳ…
පට්ට සුපිරි නෝනා හාමු ය…
අනේ විසි කරපන් නුඹේ ප්රේමය බේරෙ වැවට….
එතරම් එය පිළිකුල් සහගතය….
ලොවට බන කියනා නුඹවන් උන්ගේ ඇතුලාන්තය….
පට්ට කුහකය….
ගැහැණියකට හයිකාරකම් පෙන්නනා එකාට මම කියන්නේ එකම නමකි…
නමුදු නුඹට එය මා කියන්නට අකමැති ය..
නුඹ ගැරහුවේ මගෙ ආදරයටය…
අවමන් කලේ මගේ ආදරයටය…
සතකු සමඟ කතා කලද නුඹවන් කෙනෙක් සමඟ මට කතාවක් නැත…
නුඹ මට කියූ අයුරින්ම නුඹ පජාතය…
තම බිරිඳට බොරු කරනා නුඹට මට බොරු කිරීම සුළු දෙයකි…
ඉතින් අවසරය…
ජාති ජාතිත් නුඹවන් කෙනෙකු දකින්නටවත් මා අකමැති ය…
ලෝකයාට අනුව මා අනියම් බිරිඳකි…
නමුත්…
නුඹගේ ඝෝරනාඩු අභියස එක කඳුලක් නොහෙළු මා…
පට්ට ගැහැණියකි…
නුඹගේ අසික්කිත වදන් තඹේකට මායිම් නොකළ මා…
පට්ටම චරිතයකි…
නුඹට අවැසි වූයේ…
නුඹේ දෙපාමුල මා වැඳ වැටෙනු බැලීමටය…
නුඹ ගසනා හැම පදයටම නටනු බැලීමටය…
නුඹට වැරදුනේ එතනය…
නුඹවන්ම පිරිමියෙකු නිසාවෙන්…
අසීමිත දුක් ගොඩක් ඉසිලූ මා…
කිසිවෙකුගේ පදයකට නොනටමි…
ඒ මා ය…
සමාජය හා ගැටෙන මා..ය..
සමාජයෙන් ගැරහුම් ලබන මා…ය..
සමාජයෙන් නින්දා විඳින මා..ය..
නමුදු ….
නුඹට වඩානම් මා සුපිරිම චරිතයකි…..
✍️ ජානකී

About The Author

Leave a Reply