
Teenager with depression sitting alone in dark room
මම දන්නවා මම ලියන
හැම අකුරම හැම වචනෙම
නුබව රිදවනවා කියලා
නුබට දැනෙනවා කියලා
නුබව මට තදින්ම
ඕනේ කියලා දැනුනහම
නුබට කතා කරන්න මම
හේතු හොය හොය
කතාකරනවා කියන්න
නුබ දන්නවා
සමහර වෙලාවට නුබට
දිග පණිවිඩ ලියලා
මමම ඒවා මකනවා
මොකද මම දන්නවා
“මැසේජ් එපා” කියන
පනිණිවිඩය නුබෙන්
එනවා කියලා
දන්නවද දැනෙන හැගීම
නුබේ හඩවත් නුබේ
පනිවිඩයක්වත් නැතුව
දවස ගෙවෙන අමාරුව
නුබ දන්නෙත් නෑ
නුබට වැටහෙන්නෙත් නෑ
මොකද මම නුබට තරම්
නුබ මට ප්‍රේම නොකරන නිසා
මට නුබව ඕනේ තරම්
නුබට මා ඕනේ නැති නිසා
නුබේ
මගේ
සෙනෙහස මා හැඩවූ මා රිදවූ
නිහඩම කවියක් හැමදා
✍️ සුජී