සුපිරි ඉන්දීය නළු අමිතාබ් භච්චන් වරක් තම අත්දැකීමක් මෙසේ පැවසීය..
” මගේ සිනමා ජීවිතයේ උපරිම තලයේ සිටි යුගයේ දිනක් මම ගුවන් යානයකින් ගමන් කරමින් සිටියා. මට එහා අසුනේ ඉඳගෙන සිටියේ තරමක් වයස, සරල කමිසයකින් හා කලිසමකින් සැරසී සිටි උගත් පෙනුමක් තිබූ මධ්‍යම පාංතිකයෙක් යැයි කිව හැකි පුද්ගලයෙක්..
අනෙක් මගීන් මා හඳුනාගත් බව පෙනුනත් ඔහු මා පිළිබඳ තැකීමක් නොකර පුවත් පත් කියවමින් ජනේලයෙන් එපිට බලමින් සිටින්නට විය.
ටික වේලාවකට පසු ඔහු තේ කෝප්පයක් සෙමින් පානය කරන්නට ගත් අතර ඔහු හා මදක් කතා බහ කිරීමට සිතා මා ඔහු දෙස බලා මද සිනහවක් පෑය.
ඔහුද මා හා සිනාසී ” හෙලෝ.. ” යැයි කියා මා ආමන්ත්‍රණය කලේය..
අප දෙදෙනා අතර කතා බහක් ඇතිවුනු අතර මම සිනමාව යන විෂය එයට ඈඳා ගත්තේය..
” ඔබ චිත්‍රපටි නරඹනවාද ”
මම ඇසුවෙමි.
” බොහොම ටිකයි. ගොඩ කාලෙකට කලින් එකක් බැලුව මතකයි..”
ඔහුගේ පිළිතුර විය.
” මම වැඩ කරන්නෙ සිනමා කර්මාන්තයේ..”
මම කීවෙමි.
” ඔහ්.. හොඳයිනෙ.. ඉතින් ඔයා මොනවද කරන්නෙ..”
ඔහු පෙරළා ඇසුවේය..
” මම නළුවෙක්..” ඒ මගේ පිළිතුර විය.
” ෂා.. නියමයිනෙ..”
ඔහුගේ පිළිතුර එපමණක් විය.. ඒ කතාබහ එතැනින් නිමා විය.
ගුවන් යානය ගමනාන්තයට පැමිණ අප සමුගන්න සුදානම් වන මොහොතේ මා ඔහු අසලට ගොස් අතට අත දී
” ඔබ හා ගමන් කිරීමට ලැබීම සතුටක්, මගේ නම අමිතාබ් භච්චන්..”
යැයි ඔහු පුදුම කරන්නට සිතා තරමක් ආඩම්බරයෙන් මගේ නම පැවසීය..
ඔහු සිනාසී අතට අත දී මෙසේ පැවසීය..
” ස්තූතියි.. ඔබව හමුවීම මටත් සතුටක්, මම ජේ.ආර්.ඩී. ටාටා..( ටාටා සමාගමේ හිමිකරු ) ”
” මම එදා එක දෙයක් ඉගෙනගත්ත..
තමන් කොච්චර ලොකු කෙනෙක් කියල හිතාගෙන හිටියත් වැඩක් නෑ, මොකද හැමවෙලේම ඊටත් වඩා ලොකු කෙනෙක් ඉන්නවමයි..
නිහතමානී වන්න.. එයින් ඔබට කිසිවක් අහිමිවන්නේ නැත….”
උපුටා ගැනීමකි