දර ලිපකයි තැම්බුවෙ කොස් ඇට පොඩ්ඩ…
මැටි කොරහට දැමුවේ මම ලස්සනට…
කන්න නැතිව හඩනා මගෙ පැටවුන්ට…
එකින් එක කන්න ලං කලෙ පොතු හැරය….
බඩ ගින්නට අද කෑවත් කොස් ඇටය…
හෙට දරුවන් කුසගින්නේ පෙළෙණු ඇත…
සාප නොකර දෛවය ගෙන ආ තැනට….
හෙට දින ඉඳන් මම යමි කුලියට වැඩට…
තිස්තුන් කෝටියක් සිටිනා බව කියති…
පඬුරු නැතුව බලන්නෙ නැති බව දනිමි…
හැදු වැඩු දෙමාපියො දෙන්නා සිහි කරමි…
රටට බරක් නොම වී රැකියාවකට යමී….
✍️ ජානකී