
නොදුටු කිරි සිනා අහිමිව ගියපු විට….
පොළවට පස් නොවී ජීවත් වෙලා කිම….
වරද කොතැනදැයි රංකඳ නොදනි මම…
හිස් වුන කුසට නුඹ ආයෙත් වරෙන් පන….
කිරි කඳුලක් පුංචි කුසට පොවන්නට…..
ලේ කිරි කරලා මුව පොඩිත්තෙ තබන්නට….
දේහයවත් මගෙ රංකඳ දකින්නට….
පින නැති පව්කාර අම්මෙක් වෙලා මම….
කුසේ කැලල් රත්තරනෙ තියේවී……
හදේ සුසුම් මා නොමරා මරාවී…..
නෙතු කඳුලැල් මැරෙන තුරා ගලාවී…..
අම්මව අරන් නොගියේ ඇයි අසාවී……
✍️ ජානකී සිල්වා