✗ ලෝකයේ පුදුම හත ගැන දන්නව නෙ හැමෝම?
ඔව් ඔව් ඔය 5 පන්තියේ ශිෂ්‍යත්ව විභාගේටනේ ඕක මුලින්ම පාඩම් කරගත්තේ. අද මන් කියන්න යන්නේ ජීවිතයේ පුදුම හත ගැන…. නෑ නෑ කලබල වෙන්න ඕන නෑ… ඕවා ශිෂ්‍යත්වෙට ඒවි කියලා පොඩිත්තන්ට කටපාඩම් කරවන්න යන්න ඕන නෑ හොදේ?
මේක පුංචි කතාවක්….
ඔන්න දවසක් පාසල් ගුරුවරියක් තමුන්ගේ පන්තියේ දරුවන්ට කීවා තමුන්ට හිතෙන හැටියට ලෝකයේ පුදුම හත මොනවාදැයි ලියන්න කියල. දැන් ඉතින් දරුවෝ ටික දඩිබිඩි ගාලා ඒ අය දන්න විදියට ලෝකයේ පුදුම හත ලයිස්තුවක් ලීවලු.
ටික වේලාවකින් ගුරුතුමිය අර දරුවෝ ලීව කොල ටික එකතු කරගත්තලු මොනාද ලියලා තියෙන්නේ කියලා බලන්න. හැම ලයිස්තුවකම වගේ තිබුනේ මෙන්න මේ වගේ දේවල්ලු:
ඊජිප්තුවේ මහා පිරමීඩ
ඉන්දියාවේ ටජ් මහල
ග්‍රෑන්ඩ් කැනියොන්
පැනමා ඇළ
එම්පයර් ස්ටේට් ගොඩනැගිල්ල
සාන්ත පීතර බැසිලිකාව
චීන මහා ප්‍රාකාරය
ඒත් ගුරුතුමී දැක්ක පන්තියේ උන්න එක්තරා දැරිවියක් තාමත් තමුන්ගේ ලයිස්තුව දිහා බලාගෙන කල්පනා කරනවා මිසක් ඒක ගුරුතුමිට දීලා නැහැ. ගුරුතුමී ඒ දැරිවි ලගට ගිහින් ඇහුවා “ඇයි පුතේ ලයිස්තුව හදාගන්න එකේ මුකුත් ප්‍රශ්නයක්ද?“ කියලා.
අර දැරිවිත් මෙන්න මෙහෙම කීවලු:
“අනේ සෑහෙන දේවල් තියෙනව මගේ ලයිස්තුවේ ඒත් මට හිතාගන්න බැහැ ඒවයින් හොදම ටික තෝරගන්න“
“ම්ම්ම්… කෝ බලමු ඒවා…. හා අපි හැමෝම උදවු වෙන්නම්කෝ ඔයාට එයින් හොදම ටික තෝරගන්න“ කියලා ඒ දැරිවිගේ ලයිස්තුව අතට අරන් ගුරුතුමී ඒක පන්තියේ හැමෝටම ඇහෙන්ට කියෙව්වලු. මෙන්න මේවා තමයි ඒ ලයිස්තුවේ ලියලා තිබුනේ:
1. දෙනෙතින් දැකීම
2. දෙසවනින් ඇහුම්කන් දීම
3. දෙඅත්ලෙන් ස්පර්ෂ කිරීම
4. මුවට රස දැනීම
5. හදවතට දැනෙන හැගීම්
6. සිනහසීම
7. ආදරය කිරීම
මුලු පන්තියම මීයට පිම්බා වාගේ නිෂ්ශබ්ද වෙලා කල්පනා කරන්නට උනාලු…….
✗ ඇත්තෙන්ම එදිනෙදා ජීවිතේ නිරතුරුවම සිදුවෙන මේ දේවල් බොහොම සරල පුංචි සිදුවීම් විදියට අපි නොසලකා හැරියත් ඩිංගක් හිතල බලන්න…. ඒ දේවල් නොතිබුනා නම් ජීවිතේ කොයිතරම් නීරස වේවිද? ලෝකය කොයි වගේ තැනක් වේවිද?
✗ ජීවිතේ විදවන්නේ නැතිව විදින්න…. ජීවිතේ ජීවත් වෙනවා කියලා දැනෙන්ට අත්‍යාවශ්‍යම දේවල් මිනිසාට මවන්නට හෝ නිපදවන්නට බැහැ….. ඒවයේ වටිනාකම අසීමිත වෙන්නෙත් ඒ නිසාමයි….
♥️ හැමෝටම ජීවිතයේ පුංචි පුංචි දේවල් වලින් සොදුරු බව ලැබෙන සුබම සුබ දවසක් වේවා…..!!
(ජීවිතයේ පුදුම හත ගැන මේ පුංචි කතාව මට ලැබුනු ඊ-මේල් ලිපියකින් සකස් කරන ලද්දක්.)
❤️✍ ⑉හදවතේ රචකයා
(අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)