Monkeypox-copy

මන්කිපොක්ස් රෝගය වැළඳුණු පුද්ගලයෙකු ඉන්දියාවෙන් හඳුනා ගෙන තිබේ. පසුගිය බ්‍රහස්පතින්දා දිනයේදී ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් මෙම රෝගියා හඳුනාගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

35 හැවිරිදි පුද්ගලයෙකු වන අදාළ රෝගියා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ජූලි 12 වන දින දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයට ආපසු පැමිණ ඇති බව කේරළ ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය වීනා ජෝර්ජ් ප්‍රකාශ කර ඇත.වැඩිදුරටත්  සඳහන් කර ඇත්තේ, විදේශගතව සිට පැමිණි අදාළ පුද්ගලයා මන්කිපොක්ස් රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් කේරළයේ රෝහලකට ඇතුළත් කළ බවයි.

තවද පවුලේ සාමාජිකයන්, කුලී රථ රියැදුරෙකු සහ ගුවන් යානයේ රෝගියාට සමීපව වාඩි වී සිටි මගීන් ඇතුළු ඔහුගේ සමීප සම්බන්ධතා පැවැත් වූ 11 දෙනෙකු බලධාරීන් හඳුනාගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තාවල වැඩිදුරට ත් සඳහන්

About The Author

Leave a Reply