WhatsApp Image 2022-07-17 at 8.38.02 PM

මුවින් නොදොඩා අතින් නොඅල්ලා
නෙතින් පමණක්ම විදිමින්
ගෙවෙන දිනනම් හරි දිගයි
සිතින් විදවා මුවින් හිනැහී
සගවනා රිදුමන් හුගයි
ලගට ලංවී නුබේ තුරුලේ
ගෙවන්නට දින සිත කියයි
දෑතේ වෙලිලා සවනට ලංවී
කියන්න ඇති දේ මහ හුගයි
ලොවට හොරාවත් හමුවිය නොහැකී
ඉන්ධන පෝලිම් මහ දිගයි
නුබත් මමත් වෙන්කර තැබූමට
ඉන්ධන නැතිකමත් එක හේතුවයි
පොලීම් නැති ඒ ලස්සන දවසක්
ලගදිම එනවා සත්තමයි
එදාට හමුවී හිනැහී විදිනෙමු
සෙනෙහස ලංවී ලොවට හොරෙන්

සුජී ❤️

About The Author

Leave a Reply