294372015_753076572779591_794560521813434054_n
යෞවනය මගෙ සිහින අතහැර
හුගක් කල් මන් ගෙව්ව හින්දා
තිබුනෙ එක අරමුණයි මා වෙත
මගේ රට රැක ගන්න පෙරදා
උගස්කර මුළු ජීවිතය මගෙ
මව්ගෙ පාමුල තිබ්බ හින්දා
සින්න වුන මේ රෝද පුටුවට
ඇත්තමයි සෙනෙහසින් බැඳුනා……………
අරන් සහතික තරඟ රැසකින්
පෙට්ට ගමයේ හරි හැඬට තිබුනා
ගම හරහා දිව් තරඟයෙන් නම්
එදා පළවෙනි තැනට ආවා
අනතුරයි මගෙ මිහි මවට දැන්
පුවත්පත් රැසකමත් තිබුනා
කකියනා ලෙය පපුව ඇතුලෙන්
යන්න පෙරමුණ හිතට ගත්තා……………….
අරන් හිත සවි ගිහින් එඩිබල
නිළ ඇඳුමෙ තේජසත් පෙන්වා
මරුවා දැක දැක ඇඳුනෙ පෙරටම
හිතේ එක මිහි මවම හින්දා
දෑස ඉදිරියෙ මැරී වැටෙනවා
මගේ සඟයන් එකා දෙන්නා
ඊලග ට මගෙ වාරේ දැන දැන
මරණ සහතිකෙ හිතේ ලිව්වා…………………..
නොමැරුනත් දිවි රෝද පුටුවක්
මගේ පෙම්වති වෙලා තිබුනා
එදා සිට මේ අදත් වෙනතුරු
ප්රේම දොරගුළු හිතට දැම්මා
නිදහසේ පෙම් සුවය විදි නුඹ
දැක්කාම සිත සතුට පිරුනා
කරපු අප කැපකිරීම් හමුවේ
නුඹලා සතුටින් බුක්ති වින්දා …………………..
✍️ වන්දනා

About The Author

Leave a Reply