sleep-1024x589

1)ඔබ නින්දට යායුත්තේ කීයටද ?

2)කලින් නින්දටගොස් කලින් අවදිවීම ඇඟට හොඳ බවට පැරණි විශ්වාසයක් තිබෙනවා.මෙහි සත්‍ය අසත්‍යතාවය කුමක්ද?

3)ප්‍රමාදවී නිදාගෙන ප්‍රමාදවී අවදි වීම ඔබගේ නිරෝගී බවට කෙසේ බලපෑම් කරයිද?

📌අපගේ ශරීරය තුළ ස්වභාවධර්මයා විසින් නිර්මාණය කරන ලද පුදුමාකාර ඔරලෝසුවක කටු කැරකෙන බව ඔබ දන්නවාද? මෙය බටහිර විද්‍යාවන් තුල biological clock ලෙස හදුන්වනවා.

එය ඉතා ඉහල වටිනාකමකින් යුතු සේවයක් සපයයි.

📌එය ඔබගේ ශරීරයේ බොහෝ ඉන්ද්‍රීන් ගේ ක්‍රමානුකූල පැවැත්ම තීරණය කරනවා.

📌එමෙන්ම එම ඔර්ලෝසුව විසින් ඔබගේ නින්ද වෙනුවෙන්ද කාලය වෙන්කොට තිබෙනවා.

📌රාත්‍රි 11සිට පාන්දර 3 අතර කාලයේදී අපගේ අක්මාව තුල වැඩි රුධිරය ප්‍රමාණයක් එකතුවෙනවා.

සංසරණය වෙනවා.

📌රුධිරය ධාරිතාවය සමග අක්මාව කෙමෙන් විශාල වෙනවා.

📌මේ කාලය තුලදී ඔබගේ ශරීරයේ විෂ නැසීමේ ක්‍රියාවලිය ද අක්මාව විසින්ම සිදුකරනවා.

📌ඒවගේම ඔබ විසින් දිනය පුරාම ශරීරයට එකතුකරගන්නා ලද විෂ ද්‍රව්‍ය වල ගමනාගමනය සීමාකර විනාශකරදැමීමද අක්මාව විසින් සිදුකරන්නේ මේ කාලය තුලයි.

📌ඒ කොහොම උනත්,

ඔබ මේ කාලසීමාව තුල නිදාගත්තේ නැතිනම්,

බොහෝදුරට ඔබගේ අක්මාවට මේ කටයුත්ත සාර්තකව සිදුකිරීමට අපහසු වෙනවා.

📌ඔබ 11 සිට පාන්දර 3 දක්වා නිදාගත්තොත් අක්මාව සඳහා පැය 4ක ප්‍රමාණවත් කාලයක් විෂ නැසීමේ ක්‍රියාවලිය සඳහා ලැබෙනවා.

🦠12ට නිදාගත්තොත් පැය 3ක් ද,

🦠1ට නිදාගත්තොත් පැය 2 ක් ද,

🦠2ට නිදාගත්තොත් පැය 1ක් ද

ආදී වශයෙන් අපගේ ශරීරය විෂ නැසීම සඳහා කාලය වෙන්කරගන්නවා.

👀ඔබ පාන්දර 3ට නිදාගත්තොත්……………………..

ඇත්තටම ඔබගේ ශරීරයට අහිතකර විෂ ද්‍රව්‍ය නැසීමට අක්මාවට කාලයක් ලැබෙන්නේ නැහැ.

📌එසේ වුවහොත් කෙමෙන් අපගේ ශරීරය තුල අහිතකර දෑ එකතුවෙන්නට පටන් ගන්නවා.

📌ඊලඟට කුමක් සිදුවේවිද කියා අමුතුවෙන් කිවයුතු නැහැ.

📌එසේනම් ඔබ ප්‍රමාද වී නිදාගෙන

කෙතරම් ප්‍රමාද වී අවදි වුවත් ඉතාමත් තද තෙහෙට්ටු ගතියක් දැනෙනවා නේද? ඒ ඉහත හේතුව නිසාමයි.

📌ප්‍රමාද වී නිදාගෙන ප්‍රමාදවී අවදි වීමද සෞඛ්‍යයට අහිතකරයි.

📌මෙසේ උදෑසනින් අවධිවන ඔබට කලහැක්කේ කුමක්ද?

🦠ව්‍යායාම කිරීම හා නැවුම් වාතය ආශ්වාසය කිරීම( උදෑසන 3සිට 5 අතර කාලය තුලදී ඔබගේ පෙනහලු තුල වැඩි රුධිර සංසරණයක් සිදු වෙනවා වගේම මේ කාලය තුල පරිසරය තුල ද ඉතාමත් නැවුම් වාතය අඩංගු වෙනවා)

🦠මේ කාලය තුල දී වැසිකිලි යෑම( උදෑසන 5සිට 7දක්වා කාලය තුල අපගේ ශරීරයේ වැඩි රුධිර සංසරණයක් සිදුවන්නේ මහා අන්ත්‍රය තුලයි)

🦠දවසේ ප්‍රධානම ආහාරය වන උදෑසන ආහාර වේල ලබාගැනීම මෙන්ම දිනය පුරාම ශරීරයට අවශ්‍ය පෝෂනය ලබාගැනීමට ශරීරය සකසාගැනීම වැනි දෑ සිදුකල හැකියිඒ( 7සිට 9 දක්වා කාලය තුල අපගේ ශරීරයේ වැඩි රුධිර ගමනාගමනයක් සිදුවන්නේ ආමාශය තුලයි.)

📌ආයුර්වේද වෛද්‍යක්‍රමයෙහි මෙසේ

බ්‍රහ්ම මුහුර්තයෙන් අවදිවීමත් ඉන් පසු සිදුකල යුතු මෙම ක්‍රියාකාරකම් පිළිබඳවත් දිනචර්‍යා යටතේ ඉතා පැහැදිලිව විස්තර කෙරෙනවා.

📌අතීතයේ ජීවත් වූ මිනිසුන් මෙන්ම අද ගම්මාන වල ජිවත් වෙන මිනිසුන් වඩා සෞඛ්‍යයසම්පන්න ජීවිතයක් ගතකිරීමට හේතුව ද මෙයයි.

📌ඔවුන් කලින් නිදාගෙන කලින් අවදිවෙයි.

📌මන්ද ඔවුන් අනුගමනය කරන්නේ ස්භාවධර්මයා විසින් සකසා දී ඇති ඔරලෝසුවයි.

📌ඔබත් උත්සහකර බැලුවොත් ඔබටත් සාමාන්‍ය දිනයකට වඩා නැවුම් සහ ශක්තිමත් බවක් නිරායාසයෙන්ම දැනේ..

(අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)

About The Author

Leave a Reply