EmJSmUCWkAYX7qF

වඳුරු උණ රෝගය (Monkeypox) ව්‍යාප්තියත් සමග ඉහළ යාමත් සමඟ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ගෝලීය සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් පැවසුවේ රටවල් 75 කින් මේ වන විට රෝගීන් 16,000 කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇති බවයි.මෙම වෛරසය ලොව පුරා වේගයෙන් ව්‍යාප්ත වී ඇති අතර එය ජාත්‍යන්තර අවධානයට ලක්විය යුතු බවට තීරණය කළ බව ඔහු ප්‍රකාශ කර තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ තක්සේරුව වන්නේ ගෝලීය වශයෙන් වඳුරු උණ වසංගතයේ අවදානම මධ්‍යස්ථව පවතින අතර යුරෝපීය කලාපය හැර අනෙකුත් සියලුම කලාපවල අවදානම ඉහළ මට්ටමක පවතින බවයි.

වඳුරු උණ වෛරසය මුලින්ම සොයාගනු ලැබුවේ 1950 වසරේ මධ්‍යම අප්‍රිකානු කලාපයෙන්.

About The Author

Leave a Reply