
ආසයිනේ දැක ගන්න
කෝලකම් විදගන්න
අතින් අත අල්ලන්න
හීනෙකටවත් එන්න…
පපුතුරේ හැංගෙන්න
සුසුම් උනුහුම් වෙන්න
රණතිසරැ ඇහැරෙන්න
මුලු හිතින් ඔබෙ වෙන්න ..
අනුරාගි හෝරාවෙ
උබෙම වී සැනසෙන්න
ඉතින් කවදද එන්නෙ
හීනෙකටවත් ඔන්න…..
අසම්මත සම්මතේ
ඔබ තමයි ජීවිතේ
වදයක්වි දැනුනනම්
ඒ තමයි ආදරේ ……
මට ඕන උබ එක්ක
ජීවිතේ දුර යන්න
සංසාරෙ පුරාවට
හුස්මවී ලග ඉන්න…
රාජිකා දොඩන්ගොඩ