
වැදලා දෙමවිපියො පා යුග සිනා සලා
යුධ පිටියට වැදුණි කෙසරඟ එඩි පාලා
ඇට ලේ මස් ද හලමින් මිහිකත තෙමලා
දිනන සටන දිය බිදුවෙන් ප්රමුඛ කලා…..
මාවිල් ආරුවෙනි වැදුනේ රණ බිමට
තිබ්බ අඩිය ගත්තේ නෑ පසු පසට
ආවත් බලපෑම් ලෝකෙන් හරි ජයට
මානුෂීය ලෙස ඇදුනයි පෙරමුණට…..
නන්දිකඩාල් කලපුවෙ උනි මහ කොටියා
හිස් කට්ටත් අහිමිව ගොඩ ආ සැටියා
මැයි දහ අට මගෙ මව් රට දිනු සේයා
රණ විරුවනි අපි නුඹලට ණය ගැතියා…
අම්මල අඩනවා තම පුතු නම හොයලා
බිරිදෑවරු හිදී නෙත් අග කදුළු සලා
අභිමංසලේ ඇත තව උන් සිනහ සලා
අපි ණය ගැති කවි ලිව්වට ගුණ වයලා….
බුදුන් වදින ලෙස දෑතින් වදින්නම්
මිහිබට දෙවිවරුන් ලෙස සැමද සිතන්නම්
යන එන සෑම තැන මුලසුන තියන්නම්
නිවනින් සැනසෙන්න පිං පෙත් වඩන්නම්…
ඉන්දු පරණමාන්න