පළමු වතාවට පොදුරාජ්‍ය මණ්ඩලයීය තරගාවලියකින් පැරා ඉසව්වකින් ලංකාවට පදක්කමක් ලබාදීමට හැකි වීම ගැන මං ගොඩක් සතුටු වෙනවා. තරගාවලියට ආවෙ පදක්කමක් දිනා ගැනීමේ ලොකු බලාපොරොත්තුවකින්. එහෙත් සිතුවේ නැහැ රිදී පදක්කමක් ලබාගැනීමට පුළුවන් වෙයි කියලා.
ගෙදර ප්‍රශ්නත්, ගෙදරත් අමතක කරලා මං මාස හයක් පමණ මේ සඳහා එක දිගට පුහුණුවීම් කළා.මගේ පුහුණුකරු ප්‍රභාත් ධනුෂ්ක පෙරේරා මහතාගෙන් මෙම තරගාවලිය පිළිබඳව ගොඩක් උපදෙස් ලැබුණා. ඊට අමතරව ශ්‍රී ලංකා යුද හමුදාවෙන් සහ ජාතික ආරක්ෂක බලමුළුවෙන් මට හොඳ සහයෝගයක් ලැබුණා. පැරා ඔලිම්පික් කමිටුවෙන් ද ලොකු සහයෝගයක් ලැබුණා. ඒ හැමෝටම මට ලබා දුන් සහයෝගයට ස්තුතියි.