ශ්‍රී ලංකාවේ පසුගියදා තරග සංචාරයකට සහභාගි වූ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදයට සහනයක් ලෙස ඩොලර් 45,000 ක් පරිත්‍යාග කර ඇති බව විදේස් මාධ්‍ය වාර්තා කරයි.
ආර්ථික අර්බුදය හේතුවෙන් අපහසුතාවට පත්ව සිටින දරුවන්ට සහ ඔවුන්ගේ පවුල්වලට සහන සැළසීම සඳහා ‘යුනිසෙෆ්’ ආයතනය හරහා මෙම මුදල් පරිග්‍යාග කර ඇති බවත් විදේශ මාධ්‍ය වැඩි දුරටත් පවසයි.