depositphotos-389689250-xl-2015-1

දුම්රිය දෙපාර්තමේන්තුව විසින්  එළඹෙන සති අන්තයේ සිට සෑම සෙනසුරාදාවකම කොළඹ සහ බදුල්ල අතර නගරාන්තර අධි සුඛෝපභෝගී දුම්රියක්  ධාවනය කිරීමට  කටයුතු යොදා ඇත.

ඒ අනුව සෑම සෙනසුරාදාවකම පෙ.ව.05.30 ට කොළඹ කොටුවෙන් පිටත්වන නව “ඇල්ල ඔඩෙසි” අධි සුඛෝපභෝගී දුම්රිය පස්වරු 3.55 ට බදුල්ලට ලඟා වීමට නියමිතයි.

එම දුම්රිය නවත්වනු ලබන්නේ ගම්පහ, වේයන්ගොඩ, පොල්ගහවෙල, රඹුක්කන, පේරාදෙණිය, මහනුවර, නාවලපිටිය, නානුඔය, හපුතලේ, දියතලාව, බණ්ඩාරවෙල, ඇල්ල සහ බදුල්ල යන දුම්රිය ස්ථානවල පමණි .ඊට අමතරව දුම්රිය ගමන අතරතුර හමුවන ආකර්ෂණීය නැරඹුම් ස්ථාන වල දුම්රිය නවත්වන බවත් දුම්රිය ප්‍රකාශකයකු සඳහන් කළේය.

සෑම ඉරිදා දිනකම බදුල්ලෙන් පෙ.ව.09.50 ට පිටත්වන දුම්රිය රාත්‍රී 07.20 ට කොළඹට ලඟා වනු ඇත.

About The Author

Leave a Reply