hunasfalls-kandy

ජපාන ආයෝජකයෙකු වන යොෂිමිචි වටනාබේ මහතා කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත හුන්නස් ෆෝල්ස් පීඑල්සී (HUNA.N0000) සමාගමෙහි කොටස් 625,000ක් මිලදී  ගෙන ඇත .හුන්නස් ෆෝල්ස් පීඑල්සීහි කොටස් හිමිකාරීත්වයෙන් වැඩිම ප්‍රමාණයක් හිමිව ඇත්තේ සෙරනිටි ලේක් ලෙෂර් (පෞද්) සමාගමටයි. එම සෙරනිටි ලේක් ලෙෂර් (පෞද්) සමාගම මගින් මෙම කොටස් අලෙවිය සිදු කර තිබේ.

මෙහිදී යොෂිමිචි වටනාබේ මහතා කොටසක් රුපියල් 40ක් බැගින් මිලදී ගැනීම සිදු කර ඇති අතර සමස්ත ගනුදෙනුවේ වටිනාකම රුපියල් මිලියන 25ක් ලෙස සටහන්ව තිබේ.මෙම කොටස් මිලදී ගැනීම සිදුකළ ජපාන ආයෝජක යොෂිමිටි වටනාබේ පසුගිය වසරේදී ඒෂියා කැපිටල් පීඑල්සී සමාගමෙන් සිය ආයෝජන ඉවත් කරගැනීමෙන් අනතුරුව ලැයිස්තුගත සමාගමක් තුළ ආයෝජනය කළ පළමු අවස්ථාවද මෙය වෙයි. යොෂීමිටි වටනාබේ සිය සහෝදරයා වන එයිජි වටනාබේ සමගින් එක්ව 2014 වසරේදී ඒෂියා කැපිටල් පීඑල්සී තුළ රුපියල්මිලියන 400ක ආයෝජනයක් සිදු කළේය.

About The Author

Leave a Reply