Sanath-murali-1

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන Legends League Cricket තරගාවලියට සමගාමීව ලෝක කණ්ඩායම (Rest of the World) හා ඉන්දීය කණ්ඩායම (India Maharajas) අතර විශේෂ 20යි 20 තරගයක් සැප්තැම්බර් 16 වැනිදා පැවැත්වීමට නියමිතව තිබෙනවා .ඉන්දියාවේ 75 වැනි නිදහස් සැමරුම වෙනුවෙන් එම තරගය සංවිධාන කර ඇති බවයි තරගාවලියේ සංවිධායකයින් පවසන්නේ .

මෙම තරගය කොල්කටා හි ඊ්ඩ්න් ගාඩ්න් ක්‍රීඩාංගනයේ පැවැත්වීමට නියමිත අතර එම තරගයේ දී ඉන්දීය කණ්ඩායම හිටපු නායකයෙකු වන සෞරව් ගංගුලි විසින් ද  ලෝක කණ්ඩායම එංගලන්ත හිටපු නායක ඔයින් මෝර්ගන් විසින්ද මෙහෙයවීමට නියමිතයි.

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායකයෙකු වන සනත් ජයසූරිය හා හිටපු සුපිරි දග පන්දු යවන ක්‍රීඩක මුත්තායියා මුරලිදරන් ද ලෝක කණ්ඩායම නියෝජනය කරමින් මෙම තරගයට ක්‍රීඩා කිරීමට නියමිතයි.

About The Author

Leave a Reply