“Ella Odyssey” කියන්නෙ ලංකාවේ වෙනම Concept එකකට සංචාරකයන් වෙනුවෙන් පටන් ගත්ත Luxury Train එකක්..
ඉන්දියාවෙ ගෝවා ඉදන් කර්ණාටක් යනවා අමරාවති Express කියලා කෝච්චියක්.. කර්ණාටක් බෝඩරේ රේල්පාර අද්දර තියෙනවා Dushsagar Falls කියලා බොහොම ලස්සන ඇල්ලක්. ඉතින් මේ කෝච්චිය ඇල්ල ගාව නවත්තවා. ඒ යන සංචාරකයන්ට ඇල්ල බලන්න ඒක ඉන්දියාවේ සංචාරකයන් අතර බොහොම ජනප්රිය දුම්රිය ගමනක්..
ඒ වගේම අපේ මේ බදුල්ල ගමනත් ලෝකෙ සංචාරකයන් අතර ගොඩක් ප්රසිද්ධ යි.. මෙම Ella Odyssey දුම්රියත් සංචාරක ස්ථාන කීපයකම නවත්තනවා..
මෙම දුම්රිය නවත්වනු ලබන සංචාරක ස්ථාන [View points]
🔸හොස්ටේල් දියඇල්ල
🔸ශ්රී පාද කන්ද
🔸ශාන්ත ක්ලෙයාර් දියඇල්ල
🔸එල්ජින් දියඇල්ල
🔸සමිට් ලෙවල්
🔸අංක 18 බිංගෙය
🔸සුළං කපොල්ල (ඉදල්ගස්හින්න – හපුතලේ)
🔸කිතල් ඇල්ල දියඇල්ල
🔸ආරුක්කු 9 පාලම
🛑 දුම්රිය ඉහත ස්ථානයන් වල විනාඩි 02 – 15 අතර කාලයක් නවත්වනු ලැබේ
හැමෝම යන්න ඕන හරිම ලස්සන ගමනක්..වැදගත්ම දේ මේකෙ පොල් පටවලා වගේ යන්නෙ නෑ..
මේකෙ යන්න නම් අනිවාර්යයෙන් කලින්ම වෙන්කරගන්න ඕනෙ..
සෑම සෙනසුරාදාවකම පෙ.ව. 05.30ට කොළඹ කොටුවෙන් පිටත්වන නව ‘ඇල්ල ඔඩෙසි‘ අධි සුඛෝපභෝගි දුම්රිය පස්වරු 3.55ට බදුල්ලට ළඟා වීමට නියමිතයි. ගම්පහ, වේයන්ගොඩ, පොල්ගහවෙල, රඹුක්කන, පේරාදෙණිය, මහනුවර, නාවලපිටිය, නානුඔය, හපුතලේ, දියතලාව, බණ්ඩාරවෙල, ඇල්ල සහ බදුල්ල යන දුම්රිය ස්ථානවල මේ දුම්රිය නවත්වනු ඇත.
සෑම ඉරිදා දිනකම බදුල්ලෙන් පෙ.ව. 09.50ට පිටත්වන දුම්රිය රාත්රි 07.20ට කොළඹට ළඟා වනු ඇත.