බබා සෙරෙප්පු නැතුව ඉන්නවා දකින කොට කොට අම්මා කෙනෙක්ට මොනවා හිතෙනවා ඇත් ද?
ගොඩක් අම්මලාට හිතෙන්නේ…
අනේ පොඩ්ඩා ගේ පොඩි කකුල් දෙක කිළුටු වෙයි
මඩ ගෑවෙයී
ගල් වල වැදිලා තුවාල වෙයි
සතෙක් වත් කාවී ද දන්නේ නෑ…
ඒත් ඇත්තටම වෙන්නේ මොනවද?
යටි පතුල් වල සංවේදනය උත්තේජනය වෙනවා
දරුවාට සමබරතාවය පවත්වා ගැනීමට උපකාරී වෙනවා
ස්වාභාවික ගමන් විලාසය පවත්වා ගැනීමට උදව් වෙනවා
දරුවාගේ සියුම් කුසලතා වර්ධනයට ඉවහල් වෙනවා