ලොව පුරා කීර්තියට පත් කොරියානු මෝටර් රථ නිෂ්පාදක සමාගමක් වන Hyundai මෝටර් සමාගම ලොව හයවන විශාලතම මෝටර් රථ නිෂ්පාදකයා වේ. එම සමාගමට ලොව පුරා මෝටර් රථ එකලස් කිරීමේ කම්හල් පිහිටුවීමේ පුළුල් අත්දැකීම් ඇති අතර දැනට එක්සත් ජනපදය, චෙක් ජනරජය සහ ඉන්දියාව ඇතුළු රටවල් අටක ක්රියාත්මක වේ.
Hyundai සමාගම සහ ශ්රී ලංකාවේ අබාන්ස් ඔටෝ සමඟ ගිවිසුමකට එළඹ තිබේ. ඒ අනුව ශ්රී ලංකාව තුළ Hyundai මෝටර් රථ සහ අනෙකුත් උපාංග මෙරට එකලස් කිරීමට සහ නිෂ්පාදනය කිරීමට අබාන්ස් ඔටෝ සමාගමට බලය පැවරෙනු ඇත.