දිනය – 17 / 08 / 2022
වෙලාව – 04.45pm – 05.05pm අතර
ඇත්තටම උවමනා උනේ උණ කටුවට බැටරියක් ගන්න . සල්ලි වලින් අනිවාර්යෙන්ම රුපියල් 300 – 500ක් අතර යනවම තමයි. ත්‍රීවීල් අයියකෙනෙක්ගෙන් ඇහුවම එයා තමයි පෙන්නුවෙ .
හෝමාගම හතරමo හoදියෙන් කොළඹ පැත්තට චුට්ටක් , වම් පැත්තෙ…. කඩේ සෙනග හිටිය පස් හය දෙනෙක් ම.
ශොප් එකේ අයිය උස්සන්න බැරි තරමෙ වැඩක හිටියෙ,…
උදව්වට කෙනෙක් හිටිය පොඩ්ඩෙක් …. මම හිතන විදියට එයාගෙම පුතා .
උණ කටුව පෙන්නල අයියෙ මේකට බැටරි කෑල්ලක් දෙන්න කියන ගමන්
ගාන කීයද කියලත් ඇහුව ( මොකද බඩුවල ගණන් ඇහුවම කොහොමත් උණ ගන්න නිසා 😁)
අනික අපේ වෙළෙන්දො සහ පිරිස අපිව හූරගෙනම කනව කියල තමයි
මැවිල තියන චිත්රයි.හැමෝටම නැතුව ඇති ඒත් බහුතරයකට එහෙම හිතෙනව කියල නම් ශුවර්.
ගාන අහපු ගමන් අයිය දීපු උත්තරය නම් මම හීනෙකින්වත් අහන්න හිටපු
වචනයක් නම් නෙවෙයි.
” මල්ලි උණ කටුවල බැටරි වලට සල්ලි ගන්නෙ නෑ ”
එයා පුතාට පෙන්නුව පොඩි ලාච්චුවක් ඒකෙන් එක බැටරියක් අරo මට එකක් දෙන්න කියල කිව්ව.
පුතා ඒක දුන්න … ඇත්තටම පුදුමයි . එයාට මගෙන් රුපියල් පන්සීයක් නම් ගන්න තිබ්බා
මොකද මගේ අවශ්‍යතාවය නිසා . එයාගෙ රස්සාව ඒක නිසා මම ඇහුව ඇයි කියල , කලින් දීපු උත්තරය මයි.
කතා කරන්නවත් වෙලාවක් නෑ එයාට .
ගොඩාක් ස්තුතියි අයියෙ … ගොඩක් පිo ඔයාට කිව්වෙ හදවතින් මයි. එළියට බැහැල ඉස්සරහට ගිහිo ආපහු හැරිල ඇවිල්ල ෆොටෝ එක ගත්තෙ…
මේක හැමෝටම කියන්නම ඕනි කියල හිතුන නිසා…. ගොඩක් ව්‍යාපාර දැන් තියන තත්වයත් එක්ක බoකොලොත් වෙනකොට
මේ ව්‍යාපාරය දිනෙන් දිනම දියුණුවට පත්වෙන්න ඕනි කියල හිතුන නිසා …. මේ ව්‍යාපාරය හිමි එයාවගේ මිනිස්සු රැකගන්න ඕනි කියල හිතෙන නිසා … කවදාකවත් අසනීපයක් ලෙඩක් දුකක් කරදරයක් නොවේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනව…
පොඩි පුතාටත් ඒ අයියටත් ගොඩාක් ස්තුතියි !!!!
ප:ලි
මේක දැකල උණ කටු අරo උදේ හවස එතනට ගිහිo බැටරි මoකොල්ල කන්නෙ නැතුව උවමනාව , අවශ්‍යතාවය වෙනුවෙන් විතරක් යන්න…
අත්ඔරලෝසු , බිත්තිඔරලෝසු විකිණීම , අළුත්වැඩියාව සහ තෑගි භාණ්ඩ විකිණීම. ව්‍යාපාරය දිනෙන් දින දියුණුවේවා !
ප්රභාෂණ රවී මුණසිංහ
https://www.facebook.com/100002389785638/posts/pfbid02ayohcYhbmt6zn8S4GNChuJ1FwCEFX5nZBGbbP2ipLFSv7hteZydgQbpw292etgv8l/