1x-1-800x445

රුසියාවේ යුක්රේන ආක්‍රමණයත් සමගින් ලෝක වෙළෙඳ පොළේ තිරිඟු පිටි මිල ගණන් ඉහළ යාමත් සමගින්ම මතුව තිබෙන තත්ත්වය මත ජපානයේ Pizza Hut අලෙවි සැල් ජාලය සිය පාරිභෝගිකයන් සඳහා තිරිඟු පිටි වෙනුවට සහල් යොදා ගනිමින් සැකසූ මිනි පීසා ලබාදීමට සූදානමින් සිටින බව පවසයි. අගෝස්තු 22 වැනිදා සිට මෙම පීසා එම අලෙවිසැල් තුළ අලෙවි කිරීම සැලසුම වී තිබේ.

විශේෂයෙන්ම  මෙලෙස සහල් යොදා ගෙන සකස් කෙරෙන පීසා ඌරු මස් (Iberico Pork) සහ කුකුළු මස් (teriyaki chicken) ලෙස වර්ග දෙකකින් ඉදිරිපත් කෙරේ.මෙය හඳුන්වාදීමක් ලෙස සති හයක කාලයක් පවත්වාගෙන යාම සැලසුම වී තිබේ. එහිදී පාරිභෝගිකයන්ගේ ඉල්ලුම අනුව එය එදිනෙදා වට්ටෝරුව වෙත එකතු කිරීම සැලසුම වී තිබේ.

රුසියාවේ යුක්රේන ආක්‍රමණයත් සමගින්ම ලෝක වෙළෙඳ පොළේ තිරිඟු පිටි මිල ගණන් අධික ලෙස ඉහළ යාම සිදුව ඇති අතර, එම නිසා ලොව පුරා බේකරි ආශ්‍රිත නිෂ්පාදන වෙත දරුණු බලපෑමක් එල්ල කර තිබේ . ඇතැම් රටවල බේකරිකරුවන් සිය පාන්, පේස්ට්‍රි සහ පැස්ටා නිෂ්පාදන සඳහා අඩුමිල විකල්ප වෙත යොමුවීම මේ වන විට සිදු වෙමින් පවති .

 

 

About The Author

Leave a Reply