ඡායාරූපයේ සිටින්නේ සිය පෙම්වතාට වෙඩි වැදී බිමට වැටුණු පසු කෝපයටත් කලබලයටත් පත්ව පෙම්වතාගේ අවියෙන්ම ඉංග්රීසි හමුදාවට වෙඩි තබන අයර්ලන්ත තරුණියකි…
ඇයගේ තුවාල ලැබූ පෙම්වතා පසුව බේරා ගනු ලැබූ අතර ඈ සටනේදී ඉංග්රීසි හමුදාව අතින් මිය ගියාය…
ඇය මේ මියගිය පසු තමන් සමග මෙතෙක් වෙලා සටන් කළේ තරුණියක බව දැනගත් ඉංග්රීසීන් ඇයට ගෞරවයක් ලෙස අයර්ලන්ත හමුදාවටම ඇයගේ මළ සිරුර ගෙන ගෙනයාමට ඉඩ දී බලා සිටියහ….
එක් ඉංග්රීසි නිලධාරියකු තවත් ඉංග්රීසි නිලධාරියෙකුට මෙසේ කීවේය..
” බලපං… අපි යුද්ධ කරන්නේ අපි ගැන මෙලොව තැකීමක් නැති රැජිනක් වෙනුවෙන් ..
නමුත් ඈ සටන් කළේ ඇගේ පෙම්වතා වෙනුවෙන්… මාතෘ භූමිය වෙනුවෙන් .. “
අයරිශ්වරු එක් කාන්තා දිනයකදී මෙම ඡායාරූපය කාන්තා දින තේමා ඡායාරූපය ලෙස තෝරා ගත්හ..
එහිදී ඇගේ දිවිය අරුත් ගැන්වෙන ලෙස ,
” ශක්තිමත් ගැහැනියකට ආදරය කරන්න .. ඇය දිනෙක ඔබගේ යුද හමුදාව වනු ඇත.. “