ජපානය ශ්‍රී ලංකාවේ ණය හිමියන්ගේ සමුළුවක් සංවිධානය කිරීමට තීරණය කර තිබෙනවා.ඒ ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීමකට අනුව වේ . මෙම ණය සමුළුව ජපානයේ ටෝකියෝ නුවර පැවැත්වීමට ද තීරණය කර තිබෙනවා.
මේ සඳහා ශ්‍රී ලංකාවට ණය දුන් රටවල නියෝජිතයින් සහ මූල්‍ය ආයතන නියෝජිතයින් සහභාගී වීමට නියමිතයි.
එහිදී ශ්‍රී ලංකාව මුහුණදී සිටින ණය අර්බුදය විසඳීමට අවශ්‍ය පියවර සම්බන්ධව සාකච්ඡා කරීමට නියමිත බව ද විදෙස් මාධ්‍ය පවසයි.
මෙම ණය සමුළුවට මුදල් ඇමැතිවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වනු ඇතැයිද විදෙස් මාධ්‍ය පවසනවා.