hssan

ඇෆ්ගනිස්ථානය හමුවේ පරාජයට පත්වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් දසුන් ශානක කියා සිටියේ ඇෆ්ගනිස්ථානය සතුව ලෝක මට්ටමේ පන්දු යැවීමේ බළඇණියක් පවතින බවත්, බංග්ලාදේශයට එවන් පන්දු යැවීමේ බළ ඇණියක් නොමැති බව සහ එබැවින් ඇෆ්ගනිස්ථානයට සාපේක්ෂව බංග්ලාදේශය පහසුවෙන් පරාජය කළ හැකි කණ්ඩායමක් බවත්ය.

ලෝක මට්ටමේ පන්දු යවන්නන් නොමැති බැවින් ඇෆ්ගනිස්ථානයට වඩා බංග්ලාදේශය පරාජය කිරීමට පහසු කණ්ඩායමක් යැයි ශ්‍රී ලංකා නායක දසුන් ශානක ඇෆ්ගනිස්තාන තරගයට පසුව මාධ්‍ය හමුවේ කළ ප්‍රකාශය පිළිබඳව මාධ්‍ය නගන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්  හසන් පැවසුවේ

“හොඳ කණ්ඩායම කුමක්ද කියන එක මට හිතෙන්නෙ ක්‍රීඩාංගණයේදී ඔප්පු කළ යුතු දෙයක්. එදාට අපි හොඳින් ක්‍රීඩා කළොත් හොඳ කණ්ඩායම මොකක්ද, නරක කණ්ඩායම මොකක්ද කියලා හැමෝම දැනගනීවි. ඒ නිසා තරගයට පෙර අනාවැකි කියනවාට වඩා තරගයේදී හොඳින් ක්‍රීඩා කරලා පෙන්වන එක වැදගත් කියල මම හිතනවා” 

දසුන්ගේ ප්‍රකාශය පිළිබඳව කතාවෙන් නොව ක්‍රියාවෙන් පිළිතුරු දීමට තම කණ්ඩායම සූදානමින් සිටින බව ද මෙහෙදි හසන් වැඩි දුරටත් පවසා තිබුණි.

බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර තරගය හෙට (01 වෙනිදා ) ඩුබායි ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව ඇත

About The Author

Leave a Reply