1661936453102
1994 July
ඇයට අවුරුදු 27යි.
හරියටම දැන් මගෙ වයස
විවාහ වෙලා අවුරුද්දයි මාස තුනක් විතර යද්දි පවුලට අලුත් අමුත්තෙක් එන්නයි යන්නෙ. එයාලා හරි ආදරෙන් ජීවත් උනා.
දරු ගැබට හරියටම මාස හයයි. ඇය ආදරේ විදින්න පටන් ගත්තා විතරයි.
හදිස්සියෙම ඇයගෙ ස්වාමියා අහිමි වෙනවා (1994.07.18)
ඒකත් මෘත දේහයවත් ඇස් දෙකට නොදැක.
ඒ දුකත් එක්කම දියණියක් බිහිකරනවා. තාත්තා වගේම රූපයක්. තාත්තාගෙ කලර් ප්රින්ට්අවුට් එකක් වගේ (1994.10.30)
ඒ මම උනානම් එක්කො මාත් මැරිල ඉදී දරුවත් එක්කම
ගෙදරින් දරුවව බාර අරන් ඇයව වෙන කෙනෙකුට විවාහ කර දෙන්න හැදුවත් ඇය එයට අකමැති වෙනවා.
නොවිදිනා දුක් විදගෙන ඇය දරුවා පෝශණය කරනවා.
දුක් මහන්සියෙන් හම්බ කරනවා.
දරුවා තාත්තා ගැන අහද්දි මොනව හිතෙන්න ඇද්ද?
ස්වාමියාගේ ආදරේ විදින අය දැක්කම මොනව හිතෙන්න ඇත්ද?
හැබැයි ඒ හැමදේම අමතක උනාලු දරුවව දකින්කොට
ඇය මෝස්තර කරේ නෑ.. වැඩිම උනොත් ඇදුම් පහක් හයක් ඇති
බාටා ඇරෙන්න වෙන සෙරප්පු දානවා දැකලම නෑ.
ඇඳුමෙ පාටට කොණඩ කටු තිබුනෙ නෑ. එකම කටුවයි හැම ඇඳුමටම
කෙල්ල ටිකක් ලොකු වෙද්දි පාරෙදි හම්බෙන අය කියනවලු තාත්තගෙ කපාපු පලුව කියලා.
තාත්තා හිටියනම් රෝස මලක් වගේ හදයි කිව්වලු.
ඒ අතර ඉන්න සමහර මෝඩ මිනිස්සු කාලෙකින් හම්බුනාම අහනවලු.
“අහ් ඔයාගෙ නේද අර බබා ලැබෙන්න ඉද්දි මහත්තයා නැති උනේ කියලා”
ඒ හැමදේම කොහොම ඉවසුවද මන්දා.
කොහොම හරි දුක් විදල කෙල්ලට පුලුවන් උපරිම ඉගැන්නුවා.
තාත්තෙක් නැතුවම තනියම හැම වගකීමක්ම ඉටුකරා…
පුලුවන් උපරිමෙන්ම තාත්තගෙ අඩුව නොදැනෙන්න හිටියා.
මා මෙතෙක් දුටු යකඩ ගැහැණිය…
අද කාලෙ ගැහැණු අයට හොඳ ආදර්ශයක්…
අවුරුදු ගානක් ආදරේ කරලා විවාහ වෙලා දාලා යන අය අතරින් විවාහයෙන් පස්සෙ පොඩිම කාලයක් විදපු ඒ ආදරේ වෙනුවෙන් ජීවිත කාලයම විදවන ගැහැණියක්…
තවමත් ඔහුගෙ ලේන්සුව, දත් බුරුසුව, අත් ඔරලෝසුව, ඇඳුම්, මේස් කූට්ටම කාටවත්ම නොදී පරිස්සම් කරන ආදරණීය බිරිඳක්…
හිතට දුකක් දැනුනම තවමත් ඔහුගෙ ෆොටෝ එකට දුක කියන බිරිඳක්…
කවදකම හරි ආත්මෙක ආයෙම එකට එකතු වෙලා ආදරේ විදින්නම ඕනම දෙන්නෙක්…ඒ ආදරේ මැද්දෙ නිදියන්න ලැබෙන්නම ඕන දුවෙක්…
ඒක තමයි මගේ එකම ප්රාර්ථනාව..
ඇය මගේ අම්මා…
ඇය හලපු කඳුළු වලට, දාහදිය වලට
අද වෙද්දි සාධාරණයක් කරන්න පුලුවන් උනා…😊
මං වෙනුවෙන් විදපු දුක් වල ණය ගෙවන්න නම් ආත්ම ගාණක් මදි වෙයි.
පොරොන්දු වෙනවා ඔය අහිංසක හිනාව පරිස්සම් කරනවා මගෙ පණ තියෙනකන්
“මට හරි සතුටුයි පුතේ… ඔයාට තව හරියන්න ඕන…” හැමදාම කියන ඒ වචන ටිකම ඇති මට හරියන්න…
දෙවියොන්ට හැමතැනම ඉන්න බැරි නිසා අම්මා වෙලා මං ළගට එන්න ඇති.

About The Author

Leave a Reply