
පළමුවැන්න නම්, 🙂
සෑම දෙයක්ම හොඳින් සිද්ධවෙන කාලයයි, මෙම කාලය තුල සියලු දේ සුන්දරව ගලායන අතර, බැඳීම ගැටලුවලින් තොරවෙයි…හැමදේම හොඳින් සිදුවන වග අපට හැඟෙන්නේ මෙම කාලය තුලයි.
දෙවැන්න නම්, 🙂
ඔබ අනිකාගෙ අඩුපාඩුකම් තේරුම් ගැනීමට පටන්ගන්නා කාලයයි, මෙම කාලය තුලදී හේතුවක් නැති අඩදබර ඇතිවේ, ( මිනිසුන් සෑම විටම දේවල් නිවැරදි කිරීමට වඩා අත්හැරීමට කැමති නිසාවෙන් මෙම අදියර වඩාත් දුෂ්කර වේ)…තේරුම් නොගන්නා මිනිසුන් මගහැරෙන්නේ මේ කාලයේදිය.
අවසාන වශයෙන්, 🙂
වඩාත්ම සුන්දර වන්නේ තැන්වැන්නයි,
කෙනෙකුගේ අඩුපාඩුකම් සම්පූර්ණයෙන් තේරුම් ගැනීමෙන් පසුවත් ඔබ ඔවුන්ට සැබැවින්ම ප්‍රේමකරන්න හුරුවන්නේ මේ කාලයේය, බහින්බස්වීමෙන්,රණ්ඩු සරුවල් ඇතිකරගැනීමෙන් හෝ හිත රිදෙන වචන නොකියාම ප්‍රශ්න විසඳීමට ඔබ ඉගෙනගනු ඇත , ඔබ සැබවින්ම ප්‍රේමය යනු කුමක්දැයි වටහාගන්නේ මේ කාලයේදිය___________❤️