booster-unlimited

SLT-MOBITEL වෙතින් ඕනෑම ජාලයකට අසීමිත ඇමතුම් සහ SMS පිරිනමන ‘UNLIMITED CALL BOOSTER’ ලෙස නම් කර ඇති විශේෂ පැකේජයක් හඳුන්වා දී තිබේ.  මෙය, පෙර ගෙවුම් පාරිභෝගිකයන්ට මෙන්ම පසු ගෙවුම් පාරිභෝගිකයන්ට ද භාවිතා කළ හැක.

මුළු මාසය පුරාවටම වලංගුවන ‘UNLIMITED CALL BOOSTER’ පැකේජය රු. 636/- ක් වැනි ආකර්ෂණීය මිලකට ලබාගත හැකි වේ. පෙර ගෙවුම්පා රිභෝගිකයන්ට රු. 636 ක් රීලෝඩ් කර හෝ #147# ඩයල් කර මෙය සක්‍රීය කරගත හැකි අතර පසු ගෙවුම් පාරිභෝගිකයන්ට 1717 අමතා ලැබෙන උපදෙස් අනුව එය සක්‍රීය කර ගත හැක.

About The Author

Leave a Reply