CSE-gillian-maloney

අද (15) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඒකක දසදහසේ සීමාව අභිබවා යන ලදී.

ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 10,072.38 ක් ලෙසින් සටහන් වූ අතර එය පෙර දිනයට සාපේක්ෂව ඒකක 158.26 ක හෙවත් 1.60% ක ඉහළ යාමක් වේ.

කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ පළමු වරට 2021 ඔක්තෝබර් 25 දින සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 10,000 සීමාව ඉක්මවා ගිය අතර 2022 මාර්තු 29 දින යළිත් වරක් එය එම සීමාවෙන් මෙපිටට පැමිණියේය. එදිනෙන් පසු සියලු කොටස් මිල දර්ශකයේ වාර්තා වූ ඉහළම අගය මෙය වේ.

About The Author

Leave a Reply