
අද විභාගවලට පෙනී සිටින සිසුන්ට ප්‍රබල අභියෝගයක් වී ඇත්තේ තමන් ඉගෙන ගත් දේ මතක නැතිවීමය. මේ නිසා බෙහෝ සිසුන් විභාගයන්ට පෙනී සිටියත් ප්‍රතිඵල අසාර්ථකවීම නිතර දක්‌නට ලැබේ.
සමහර සිසුන්ට කෙතරම් පාඩම් කළත් මතකයේ රඳවා ගැනීම අසීරු කරුණක්‌වේ. වර්තමාන සංකීර්ණ සමාජයේ පවතින ශ්‍රව්‍ය – දෘෂ්ඨි ආශ්‍රිත දේ නිසා සිත එකඟකරගෙන පාඩම් කිරීම පහසු දෙයක් නොවේ.
විභාගය ආසන්න වන විට ඇතැම් සිසුන්ට මෙන්ම දෙමාපියෝද විවිධ ආගමික කටයුතුවල නියෑළෙමින් තම දරුවන්ගේ ජයග්‍රහණය පතා කටයුතු කිරීම සුලභව දක්‌නට ඇත.
විශේෂයෙන් බෞද්ධයෝ බෝධි පූජා පැවැත්වීම දේවාල කරා ගොස් භාරවීමාදී කටයුතුවල නියෑළෙයි. එවැනි විවිධ ක්‍රම උපයෝගි කරගෙන ක්‍රියා කළත් සමහර සිසුන් විභාගවලින් අසමත්වේ. එසේම බලාපොරොත්තු සහගත ප්‍රතිඵල ද ලබාගැනීම දුෂ්කර වේ.
සමහර සිසුන්ට විභාගයට ඉදිරිපත්වීමේදී ඇතිවන තැතිගැන්මද ඉගෙන ගත් දේ අමතක වීමට හේතුවිය හැක.
මෙවැනි අවස්‌ථාවලදී ගුප්ත විද්‍යාවෙන් ලබාගත හැකි ප්‍රයෝජනය අතිවිශාලය. බයවීමකින් හෝ තැතිගැනීමකින් හෝ තොරව යහපත් මානසික තත්ත්වයකින් විභාගවලට පෙනී සිටීම සඳහා ගුප්ත විද්‍යාවේ පිහිට අති ප්‍රබල ලෙස පිටිවහල්වනු ඇත.
විද්‍යාවට අධිපති සරස්‌වතී දේවියගේ බැල්ම හා ආශීර්වාදය ලබාගැනීමෙන් විභාග අවස්‌ථාවේදී අමතක වූ දේ මතකයට නගා ගැනීමට හැකිවන බව විශ්වාස කෙරේ.
එබැවින් මෙවර උසස් පෙළ විභාගයට ඉදිරිපත් වන සිසුන්ගේ ජයග්‍රහණ බලාපොරොත්තු වන පරිදි ඉටුකර ගැනීමට අදාළ තමන්ටම කළ හැකි අතිසාර්ථක ගුප්ත විද්‍යා ක්‍රම කිහිපයක් හඳුන්වාදීම මෙම ලිපියෙන් අදහස් කෙරේ. ධාරණ ශක්‌තිය වර්ධනය කර ගැනීමට, උගත් දේ විභාගයේදී මතකයට නගා ගැනීමට පාඩම් සිටීමට මෙම කුඩා මන්ත්‍ර හා දැහැන් ඉතා ප්‍රයෝජනවත් වනු ඇත.
ඔබත් අත්හදා බලා විභාගයෙන් උසස් ප්‍රතිඵල ලබාගන්න.
සරස්‌වතී දැහැන
ඕං මහා මායේ මහා පුච්ඤේ සර්ව ශාස්‌ත්‍ර විශාරද
අක්‌ෂණී කර්ම පෙන්දස්‌තු පුරුසේ රත්තු ජස්‌තම්.
පාඩම් මතක තබා ගැනීමට 1008 වර කියවුණු විට ගුණ ඇතිවේ. උදේ සවස භාවිත කරන්න.
සරස්‌වතී මන්ත්‍රය
ඕං නමෝ ජය සරස්‌වතී මා මුඛාරූඩ ඒහි ඒස්‌වාඃ
සුදු මල් වට්‌ටියක පිරිසිදු (පෙරාගත්) පැන් බඳුනක් තබා නැගෙනහිර දෙස බලා පැන්වලට ඉහත සඳහන් මන්ත්‍රයෙන් 21 වර මතුරා පැන් පානය කර විභාගයට යන්න.
පාඩම් කරන්න. කථික තරගවලින් වාද විවාදවලින් ජය හිමිවේ.
ධාරණ ශක්‌තිය වර්ධනය වීමට
ඕං හුංහය ශීර්ෂ වගීශ්වරාය නමඃ
චන්ද්‍රග්‍රහණයක් පවතින අවස්‌ථාවේ පිරිසිදුව සුදුවස්‌ත්‍රයෙන් සැරසී වදකහ පඳුරක් ළඟට ගොස් ඉහත සඳහන් මන්ත්‍රයෙන් එම ගසට 108 වරක් මතුරා එහි අලය ගලවාගෙන විත් පිරිසිදු තැනක තබා හොඳින් වේලාගන්න. ඉන්පසු එය කුඩු කර මල්යහනක ඉහත සඳහන් මන්ත්‍රයෙන් 1000 වර මතුරා උදේ උදේ දින හතක් ගිතෙලින් අනා අනුභව කිරීමෙන් විශ්මයජනක ධාරණ ශක්‌තියක් ඇති කෙරේ.
පාඩම් සිටීමට
ඕං සිද්ධ බුද්ධි ගණපති ඒස්‌වාඃ
බුලත් කොළයට මෙයින් හත්වර මතුරා බුලත සපාකමින් පාඩම් කරන්න. පාඩම් කළ දෙය කිසි විටෙක අමතක නොවේ.
පාඩම් සිටීමට තවත් මන්ත්‍රයක්
අං අං හුං හුං සපුනානි සෙනසුරාය නමඃ
ඕං අයියුං කිලියුං සනි සෙනසුරාය නමඃ
ඕං හ්රීං මාගේ සර්වාංගයට ශාස්‌ත්‍රධාරණී
දිෂ්ටිලා වරෙන්, පුල දිෂ්ටිලා වරෙන්
මුඛ ආරූඬ වර වර ඒස්‌වාහඃ
සල්දුම්මල වලට මෙම මන්ත්‍රියෙන් 108 වර මතුරා දුම් මුහුණට අල්ලන්න. දුම් ගිලුනාට වරදක් නොවේ. තුන් වරුවක් මෙය කිරීමෙන් පසු පුදුමාකාර ධාරණ ශක්‌තියක් ඇතිවේ.
සරස්‌වතී මහා දේවී වීණා පුස්‌තක ධාරණී
හංස වාහිනී සමායුක්‌තං විද්යුදාන කුරුමම
මෙම ශ්ලෝකය හත්වරක් කියා පොතට නමස්‌කාර කර පාඩම් කිරීමෙන් මතක ශක්‌තිය වර්ධනය වේ. ප්‍රතිපත්ති ගරුකව පාඩම් කිරීමෙන් උසස් ප්‍රථිඵල ලැබේ.
ඕං නාරායන ගුරු රාදී සරස්‌වතී නමෝතුබසම් වංස දේවී නමෝ නමඃ
අලුයම අවදි වී මුහුණ කට සෝදා පිරිසිදුව පෙරාගත් වතුර වීදුරුවකට මෙම දැහැණින් 21 වර මතුරා බී පාඩම් කරන්න. දින 21 කින් සාර්ථක ප්‍රතිඵල ලැබේ. දැහැනේ අකුරු නිවැරදිව උච්චාරණය කළ යුතුය.
ඕං හ්රීං හලං ස්‌වාඃ ගුණවරම් ගුණවරම්
බදාදා දිනයක උදේ බුද හෝරාවෙන් ගොටු කොළ හතක් සහ උඳුපියලි කොළ හතක් කඩා ගෙනැවිත් කොට එම යුධ තැඹිලි ගෙඩියක කපා මිශ්‍රකර මෙම මන්ත්‍රයෙන් 108 වර මතුරා බදාදා දින තුනක් බොන්න. පාඩම් සිටීමට යහපති
ධාරණ ශක්‌තියට
ඉත්‍යාම්පි වාචනඃ ශ්‍රී ශ්‍රී වරාචන්ද්‍ර අහා අහා
ශ්‍රී කාන්තා පරමෙ දෘෂ්ටඃ මහා ඥණ වසුන්ධරඃ
සරස්‌වතී චාචානං ජීවිභාග්‍ර පාර්වතී සතතං
පාලේන්තු මන්දිරම් අග්‍රමාන් හෘද පේක්‌ෂණී
පිරිසිදු ජලය හත් වරක් පෙරා නොයිඳුල් වීදුරු භාජනයකට ගෙන පිච්ච මල් 21 ක් බඳුනට දමා බඳුන අතට ගෙන ඉහත සඳහන් මන්ත්‍රයෙන් 21 වර මතුරා වතුර පානය කර අලුයම හිරු පෑයීමට පෙර පාඩම් කරන්න. මන්ත්‍රය සිද්ධිවනතුරු දිනපතාම කරන්න.
විභාගයට වාඩිවී පිළිතුරු ලිවීමට පෙර මන්ත්‍රය හත්වර සිහිකර ලිවීම ආරම්භ කරන්න. අමතක වූ සියලුම දේ වහා මතකයට එයි. විශ්මය ජනක ධාරණ ශක්‌තියක් ඇති කරන මන්ත්‍රයකි.