නෙළුම් කුලුන කළමනාකරණ පෞද්ගලික සමාගම් ආරන්චි මාර්ග පවසන ආකාරයට කොළඹ නෙළුම් කුලුන  නැරඹීමට ජනතාවට ප්‍රවේශපත් අළෙවියෙන් ඊයේ (18) රාත්‍රී වන විට රුපියල් කෝටියකට ආසන්න මුදලක් උපයා ඇත.නෙළුම් කුලුන පසුගිය 15 වැනිදා විවෘත කිරීමෙන් පසුව රුපියල් ලක්‍ෂ 15 කට ආසන්න මුදලක් ප්‍රවේශපත් අළෙවියෙන් ලැබුණු බවත් ඊයේ (18) දිනයේ නරඹන්නන් 7,000 ක පමණ සංඛ්‍යාවක්  පැමිණ ඇති බවත් නොළුම් කුලුන කළමනාකරණ පෞද්ගලික සමාගමේ නිලධාරියකු පැවසීය.

නරඹන්නකු රුපියල් 500 ක ප්‍රවේශපත් මිලදීගත යුතු බව කී එම නිලධාරියා දිනපති පස්වරු 2.00 සිට රාත්‍රී 10.00 දක්වා නෙළුම් කුලුන විවෘත බව ද සඳහන් කළේය.