coconut-pooja-1024x532

පූජා වට්‌ටියක විශේෂාංග කරුණු කාරණා අතරින් පොල් ගැසීමේ විස්‌මිත හාස්‌කම් කෙරෙහි පාඨක අවධානය යොමුකරලීම මෙහි සුවිශේෂී වෙනුයේ කෙසේද? අවංකබව, අවිහිංසාව, පිරිසිදු චරිතය, සත්‍යවාදි බව, යහපත් සිහිකල්පනා යන උදාරතර මානුෂික ගුණධර්මයන්ගෙන් පිරී පවතිනු ලබන පුරුෂ පක්‍ෂයෙහි සැමට විශිෂ්ට ඵල නෙළා ගැනීමට හේතු සාධකව පවතිනු ලබන්නේය.

පාරම්පරික ප්‍රවීණ ගුප්ත විද්‍යාධාරීහු ද කපු මහතුන් ද කඩිනමින් විස්‌මිත ගුණ දෙන ශුභාසුභ ආකාර පොල් ගැසීම පිළිබඳව හස්‌තසාර දැනුම් සම්භාරයක්‌ ඇත්තේය. කොත්මලේ ශ්‍රී උපුල්වන් මහා දේවාලයේ බැතිමතුනට පමණක්‌ සීමිත අභිරහස්‌ගත ක්‍රමවේදයන් හැරෙන්නට අනෙකුත් කරුණු කාරණාවන් පොල් ගැසීම පිළිබඳව පළමු වරට නැකත විශේෂාංග අතිරේකය තුළින් ශ්‍රී ලාංකේය ජනතාවට තිළිණ කෙරෙයි.

පොල් ගසකින් රාහු කාලයෙන් තොරව ගුරු සිකුරු චන්ද්‍ර බුධ යන දිනක එකී හෝරාවකින් හෝ වෙළෙඳ සලකින් පොල් ගෙඩියක්‌ රැගෙන මුඩ්ඩ තරමක්‌ සිටින සේ කෙඳි සියල්ල ගලවන්න. ගුප්ත විද්‍යානුකූල වූද, විධිමත් වූද, අංග සම්පූර්ණ පූජා වට්‌ටියෙහි පොලය ද තැම්පත් කළ යුතු වෙයි.

පොල් ගැසීම

පූජාව අවසානයෙහි දෙහි කපා පොල් ගෙඩියෙහි මුඩ්ඩ පැත්ත වමතට සිටින සේ හරහට තබාගෙන පොලයෙහි මැදින් උඩු අතට කපුරු පැකැට්‌ටුවක්‌ දල්වන්න. ඔබ හට අවශ්‍ය සියලු කරුණු කාරණාවන් අදාළ වූ දෙවි දේවතා මණ්‌ඩලය ද සිහිපත් කොට නිසි තැනක දැතින්ම පොළවෙහි ගසන්න. පොලය ගැසීමට පෙරාතුවම හැකිතාක්‌ ඔබ විසින්ම කන්නලව් කළ යුතු වෙයි. හිස වටා තුන්වරක්‌ කරකැවීමෙන් පසුවම පොලය ගසන්න. පොලයක්‌ තුනක්‌ හතක්‌ නවයක්‌ විසි එකක්‌ වශයෙන් මේ ආකාරයට ගැසීම සිද්ධිදායකයි. මෙහිදී අදාළ සේවාදායකයා – සේවාදායිකාවට සීමාන්තක ක්‍රමවේදයන් ද ගණනාවකි. වරු තුනෙන් වරු හතෙන් ගුණ ලැබෙන සත්ත බල පිහිටුවීම සඳහා මෙකී පොල් ගැසීමට පෙරාතුව පොලය කෙරෙහි ජීවම් ප්‍රාණ සිද්ධි ලබා දෙන්නා වූ ක්‍රමවේදයන් ද නැතුවා නොවෙයි.

පොලය බිඳී යැම පළමු වතාවට ම සිදුවේ නම් අවශ්‍ය කරුණු කාරණා ඉතා සතුටුදායක වෙයි. දෙවැනි වතාවට බිඳුනේ නම් මධ්‍යම ප්‍රතිඵලයි. තෙවන වතාවට බිඳුනේ නම් ඉතා අල්ප වශයෙන් ගුණ ලැබෙනු ඇත. පොලය අතිශය ශූභවාදීව බිඳී ගොස්‌ පහටිය පැත්තෙහි කොටස විශාල වේ නම් ප්‍රතිඵල මද ලෙස ගෙන දෙනු ලබයි. පොලය ගැසීමෙන් පසු කැබලිවලට කැඩී බිඳී උඩුකුරුව මද කොටස්‌ පිහිටියේ නම් යහපත් ප්‍රතිඵල ගෙනදීමකි. එනමුදු සොර සතුරන්ට ජය ගෙන දෙනු ලබයි. කඩතොළු සහිතව බිඳී ගියේ නම් තදබල භූත දෝෂයක්‌ සමඟ බලගතු වින දෝෂ පැවතීමකි. පොල් ගෙඩිය බිඳී එක්‌ බෑයක්‌ මුණින් අතට පිහිටියේ නම් මධ්‍යස්‌ථ ඵල විපාක ලැබෙන අතර නවග්‍රහ දෝෂ ප්‍රබලව පවතිනු පෙනී යැමකි.

පොලය හරි මැදින් දෙකට බිඳී ගොස්‌ පොල් වතුර සමඟ උඩුකුරුව සිටියේ නම් අභිමත කරුණු කාරණාවන් අතිශයෙන්ම සාර්ථකත්වයට පත්වෙනු පෙනෙනු ඇත. පොලයම හෝ එක්‌ බෑයක්‌ හෝ බෑ දෙකම හෝ පොල්කටු කොටස්‌ උඩුකුරුව පිහිsටියේ නම් සොර සතුරු බලවේග මර්දනය වේ. නමුත් ශූභවාදී අභිමතාර්ථ සඵල නොවනු ඇත. ඉහටියේ සිට පහටියට බිඳුනේ නම් ඉතා ශුභවාදී වූ ලක්‍ෂණයෙකි. එසේ බිඳී යැම ද පොල් වතුර රැඳී තිබීම ද අතිශයෙන්ම ශුභදායක වෙන්නේය. මුණින් අතට තිබුණේ නම් අරමුණු මද වශයෙන් සඵල වනු ඇත. පොලය දුර බැහැරට විසි වී ගියේ නම් මාරාන්තික මාරක විපත්ති ගෙනදීමේ හේතු සාධකයකි. මෙසේ පොල් ගැසීමේ ශුභාශූභ තීරණය කර ගැනීම ප්‍රයෝජනවත් වෙයි

– දිවයින පුවත්පතෙන් උපුටාගන්නා ලද සටහනකි-

About The Author

Leave a Reply