astrology-education-article

විසි දෙවන දෙර්කාණාධිපති පිළිබඳ දැනට ලෝකයේ පර්යේෂණයකින් තොර විවිධ මත පළ කරයි. ඊට ප්‍රධාන හේතුව විවිධ ගුරු කුල විවිධ සාක්‌ෂි මත භාවිතා කිරීමයි. මෙසේ කරන්නේ පර්යේෂණයකින් තොරවය. ඇතැමුන් පොත පතේ මත පාඨකයා ඉදිරියේ තැබීමට උත්සාහ දරයි.

කාලිදාස පඬිවරයා රචනා කර ඇති උත්තර කලාමෘතයේ චර රාශි වන මේෂ, කටක, තුලා, මකර රාශි සඳහා ප්‍රථම අංශක 10 ඇතුළත ඉපදී ඇත්නම් පළමු දෙර්කාණාධිපති 22 වන දෙර්කාණාධිපතිය. එනම් මේෂ, වෘෂභ, මිථුන නවාංශකවලින් එකකින් උපන් අයට උදා ලග්නයෙන් අටවැන්න අධිපති 22 දෙර්කාණාධිපතිය. මෙතනදී කිසිදු ගැටලුවක්‌, කිසිදු ගුරු කුලයකට නැත.

ගැටලුව මතුවන්නේ පොත පතේ මත ගෙඩිය පිටින් තබන ලේඛකයන් දෙවන දෙර්කාණාධිපති පිළිබඳ පැහැදිලි කිරීමක්‌ නොකර මෙසේ පවසයි. චර රාශිවල ප්‍රථම දෙකර්ණය හෙවත් මුල් කොටස ලග්නාධිපතියාටද, දෙවන කොටස ලග්නයෙන් පස්‌වැන්නාධිපතියාටද, තුන්වන කොටස නවවැන්නාධිපතියාටද අයත්වේ.

චර රාශිවල ප්‍රථම දෙකර්ණය

මේ ප්‍රකාශය අනුව ඔවුන් හිතන්නේ ලග්නයෙන් පහ අධිපති හෝ ලග්නයෙන් 9 අධිපති 22 දෙර්කණාධිපති වන බවයි. මෙය නියමිත ගුරු ඇසුරක්‌ හෝ පර්යේෂණයකින් තොරව ලියන ලද නව මතයකි. මෙම මතය සම්පූර්ණ වැරදි අතර පඬිවරුන්ට වැරදී නැත.

චර, තිර, උභය, රාශි බේදයකින් තොරව ප්‍රථම අංශක 10 නොහොත් ප්‍රථම නවාංශක තුන තුළ ඉපදී ඇත්නම් ඔබේ උදා ලග්නයෙන් 8 වැන්න අධිපති 22 දෙර්කාණාධිපතිය.

ඔබ දෙවන අංශක 10 එනම් දෙවැනි නවාංශක 3 ඇතුළත ඉපදී ඇත්නම් ඔබේ උදා ලග්නයෙන් 12 වැන්න අධිපති 22 දෙර්කාණාධිපති වන්නේය.

ඔබ තෙවන අංශක 10 එනම් අවසන් නවාංශක 3 තුළ ඉපදී ඇත්නම් උදා ලග්නයෙන් හතර වෙනි රාශි හිමියා නොහොත් රාශ්‍යාධිපති 22 දෙර්කාණාධිපති වන්නේය.

මීට තවත් පහසු ක්‍රමයක්‌ තිබේ. උදා ලග්නයෙන් 8 වැනි රාශියේ මුල් අංක 10 එම රාශි හිමියාට අයත්ය. දෙවැනි අංශක 10 එම රාශියෙන් පස්‌වැන්න හිමියාට අයිතිය. අවසන් අංශක 10 තුළ ඉපදී ඇත්නම් 8 අධිපතිට අයත් රාශියේ සිට 9 වැන්න අධිපති 22 දෙර්කාණාධිපතිය.

ඉහත ප්‍රකාශය උදාහරණයකින් බලමු.

මේෂ ලග්න හිමියකු මේෂ, වෘෂභ, මිථුන නවාංශකවලින් ඉපදී ඇත්නම් ඔහුගේ ප්‍රථම අංශක 10 තුලය. මේෂ රාශියේ සිට අටවැන්න වෘශ්චික රාශියයි. වෘශ්චික රාශියේ අධිපති කුජ නිසා කුජ 22 දෙර්කාණාධිපතිය. අපි සිතමු මේෂ ලග්න හිමියෙක්‌ කටක, සිංහ, කන්‍යා නවාංශකවලින් එකක්‌ ඇතුළත උපත ලබා ඇත්නම් වෘශ්චික රාශියේ සිට පහ අධිපති 22 දෙර්කාණාධිපතිය. එනම් මීන රාශිය අධිපති ගුරු 22 දෙර්කාණාධිපතිය.

මේෂ ලග්නය වී තුලා, වෘශ්චික, ධනු නවාංශක වූයේ නම් වෘශ්චික රාශියේ සිට 9 අධිපති 22 දෙර්කාණාධිපති විය හැකිය.

මෙය තවත් සරලව පවසන්නේ නම් චර, තිර, උභය රාශි භේදයකින් තොරව උදා ලග්නයෙන් 8 අධිපති හෝ, උදා ලග්නයෙන් 12 අධිපති හෝ උදා ලග්නයෙන් හතර අධිපති හෝ අනිවාර්යෙන්ම ඔබේ 22 දෙර්කාණාධිපතිය.

මරණය, ලෙඩ රෝග, විරහ වේදනා විවාහයෙන් වෙන්කිරීම, අනියම් සබඳතා පමණක්‌ නොව ජයග්‍රහණයද විශ්ව ශාස්‌ත්‍රයද 22 දෙර්කාණාධිපති දෙන බව කිසිදු පොත පතක නැත. මෙය මාගේ පර්යේෂණ මතයකි.

පෙර ආත්මයේ අකුසල්වලට දඬුවම් දීමද එසේ දඬුවම් දෙන අතරේ ජන්මියා සුගතිගාමී හෝ අපායේ නැවත යෑවීමට අදෘෂ්‍යමාන ආකාරයෙන් ක්‍රියා කරන්නේ 22 දෙර්කාණාධිපති. මොහුගේ යහපත් අයහපත් ප්‍රතිඵල ආරූඪ පදවලට ගලපා යෝගිනි දශා, අනු දශා විදශා වලින්ද වින්ශෝක්‌තරි දශා, අනු දශා විශා වලින්ද ටිම්ශෝන්තරි දශා අනු දශා, විදශා වලටද තුලය කර පවතින ග්‍රහ ගමන් රටාව අනුව දෝලනය වන ආකාරය කිසිදු ගුරුවරයෙක්‌ මෙතෙක්‌ උගන්වන්නේ නැත. ඉගැන්වීමට දන්නේ නැත. සත්‍ය එයයි. ඊට ප්‍රධාන හේතුව ඉංග්‍රීසි පොත පත බිහි නොවීමයි.

උප පදය

කතරගම දෙවියන් ඉදිරියේදී දිව්රා පොරොන්දු වී ඇති එක්‌තරා විවාහක කාන්තාවක්‌ තම අනියම් පුරුෂයාට ක්‍ෂණිකවම පොල්ල තිබ්බේ පොලිසියද ගෙන්වා අපේ සම්බන්ධය නතර කරන බවත්, මින් ඉදිරියට ලිපි හෝ දු. ක. ඇමතුම් මගින් කරදර නොකරන ලෙසත්ය. මෙහි පුදුමය නම් 99.99% පිරිමි තම බිරිඳ අනියම් සම්බන්ධයක්‌ තබාගෙන අසුවුවහොත් එළවා දැමීමයි. නමුත් මෙම පුරුෂයා කළේ බිරිඳට පැන පහරදී තර්ජනයකර ගෙදර වැඩකාරකමට බිරිඳ තබා ගැනීමයි. මෙම ප්‍රේමය ඇතිවූයේ දුරකථනය නිසාය.

ඉහත විස්‌තර කීමට හේතුව කටපාඩමින් තොරව ඔබගේ දැනුම වර්ධනයට පරීක්‍ෂා කිරීම සඳහා ජ්‍යෙතිෂ කරුණු ලබා දීමය. දුරකථන ලව් පෙන්වන්නේ වික්‍රම පාදයයි. වික්‍රම පදය පාප පීඩාවීම දුරකථන ලව්, මළ ඉලව් වීමට හේතුවකි. අනියම් පුරුෂයා දැන් ඒ නිසා ජීවිත කාලයට බලපාන පරිදි මානසික රෝගියෙකි. එසේ වූයේ උප පදයෙන් දෙවැන්නේ 22 දෙර්කාණාධිපති සිටි නිසාය.

උප පදයෙන් දෙවැන්නේ 22 දෙර්කාණාධිපති සිටීනම් ඔබ අනිවාර්යෙන් අනියම් ප්‍රේමයට යන බවත්, අනියම් ප්‍රේමය හෝ විවාහය අදෘශ්‍යමාන ආකාරයෙන් මිහිදන් වන බවත්, මගේ පර්යේෂණ තුළින් 100% සනාථ වූ කරුණුය. අනෙකුත් කතුවරුන් ලේඛකයන් මෙන් මම පොතපතේ මත හෝ ගුරුමත ගෙඩිය පිටින් පුවත්පත්වල හෝ මගේ පොත්වල හෝ තබන්නේ නැත.

දෙර්කාණාධිපති ගැන කතා කිරීමට පෙර දෙර්කාණ කේන්ද්‍රයක්‌ තිබෙන බව පැවැසිය යුතුය. මෙම දෙර්කාණ කේන්ද්‍රය සහෝදර කේන්ද්‍රය යනුවෙන්ද හැඳින්විය හැකිය. මේ පිළිබඳ පර්යේෂණ දත්ත කිසිවෙක්‌ ඉදිරිපත් කරන්නේ නැත.

About The Author

Leave a Reply