
හසරැලි පාපු මුව අද වෙනතක බැඳිලා…
සැනසුණු පපුව වෙන උණුසුමකින් වැහිලා…
නලලත සැනසු හාදුව වෙනකෙකුගෙ වෙලා…
රංකඳ අමතකද සුද්දිව පෙර මතුදා…
කඳුළක් වැටුන පමණින් කලබල වීලා…
දෝතට අරන් සැනසුවෙ මගෙ පන කියලා…
රෑ එළි වෙනතුරා හැඬුවත් සිහි කරලා…
ඔබ නොඑනා බව දනිමි නැවතත් මා සොයලා…
ආදර කතාවට මේ ලෙස සමුදීලා…
වෙන්ව යන්න සිදුවුනෙ පව් පල දීලා…
ආත්ම ගණනක් පැතුවත් අපේ වෙලා…
අද මා යන්න යමි සියල්ල අතහැරලා…
ඔබෙ දෑසින් කඳුළු පොදක් නොවැටෙන්නයි…
කිසිම දිනෙක මා යළි සිහි නොමවන්නයි…
සුන්දර අනාගතයක මල් පූදින්නයි…
පැතුම් පතා මා මේ ලෙස නික්මෙන්නයි…
මුහුණට මුහුණ මුන ගැසුනොත් පුංචි රටේ…
නොහඳුන ලෙසට යනවද මගහැර පාරෙ…
නමුදු මගෙ මිනිය තිබුනොත් මැද සාලේ…
දෙතොල් තබනවද පෙරලෙස මගෙ නලලේ….
– ජානකී