“ඔව්” යනුවෙන් මෙම පැනයට පිළිතුරු දීම වඩාත්ම කාලෝචිත බවට වන මගේ මතය බොහෝ දෙනෙකු විසින් අනුමත කරන බව විශ්වාස කරමි. මෙහිදී පොරොන්දම් නොබැලූ එහෙත් සාර්ථක විවාහ ජීවිත ගත කරමින් සිටින අය නැති දැයි කෙනෙක් ප්‍රශ්න කිරීමටද ඉඩ කඩ නැත්තේ නොවේ. එසේම පොරොන්දම් ඉතා හොඳින් ගැළපීම් ඇතිව විවාහ වූ සමහර පවුල් ඔවුන්ගේ පවුල් ජීවිතය නැතහොත් විවාහ දිවිය අවුලෙන් අවුලට පත් කරගත් අවස්ථා ගැනද අසන්නට දකින්නට ලැබේ. එබැවින් මෙම මාතෘකාව ගැන මදක් ගැඹුරින් විග්රහ කර බැලීම විශේෂයෙන් විවාහපේක්ෂාවෙන් සිටින අයට ප්‍රයෝජනවත් වනු ඇතැයි සිතමි. ශ්‍රී ලාංකිකයන් ඈත අතීතයේ සිටම බුදු දහමේ ආභාෂය ලබමින් එම දහමේ ඇතුළත් මානව හිතවාදී හා මනාහික්මීමක් ඇතිව කටයුතු කරන්නට පුරුදු පුහුණු වූ අයවෙති.
වර්තමානයේ පොත්පත්වල අත්සන් තබා දිවුරුම් දී විවාහ වූවද අතීතයේ විසූ අපගේ මුතුන් මිත්තන් එසේ පොත් පත්වල අත්සන් නොකලද, දිවිහිමියෙන් විවාහ දිවිය ආරක්ෂා කරගනු ලැබුවේ බුදු දහමේ ඉගැන්වීමට අනුව පින් පව් හොඳ නරක යුතු අයුතුකම් හා වගකීම් තේරුම් ගෙන කටයුතු කළ නිසයි. එසේ බලන විට අද පොතෙහි අත්සන් තැබූවද සිතෙහි ගැඹුරින් විවාහයේ වටිනාකම සටහන් නොවීම නිසා විවාහ දිවිය අවුලෙන් අවුලට පත්කර ගැනීම සමාජ පිළිලයක් බවට පත් වී ඇති කරුණකි.
සංසාරගත බැඳීම
දහමට අනුව නම් අප සෑම කෙනෙක්ම උපදිමින් මිය යමින් එක්වෙමින් වෙන් වෙමින් මෙම සසරෙහි සැරිසරන බව නියතයකි. එලෙසින් ඇති වන සංසාරය පුරාවට එක්වීම නිසා විශේෂයෙන් අඹු සැමියන් අතර සංසාරගත හිතවත් කමක් ගොඩනැඟේ. දෙදෙනා සුහදව ආදරයෙන් බැඳී සිටී නම් ඔවුන් එක්නෙකා නැවතත් ඊළඟ ආත්මයේදී ද එක්වීමට අපේක්ෂා කරයි.
මෙය සංසාරගත බැඳීමක් බවට පත්වෙයි. මෙය සත්‍යතාවයකි. මෙම කරුණ තහවුරු කිරීමට අපගේ බෞද්ධ සාහිත්‍යයේ උදාහරණ බොහෝ වෙයි. මේ අනුව එක්ව සුහදව විසීමෙන් හා ප්‍රාර්ථනාවන් ලෙසින් ඊළඟ ආත්මයේදී ද ඔවුන් එක්වීම සිදුවේ. පොරොන්දම් නොබැලුවද සාර්ථකව විවාහ ජීවිතය ගත කරනුයේ එසේ ප්‍රාර්ථනා කරගත් අයයි. පොරොන්දම් ගැළපීමේදී අවශ්‍ය පොරොන්දම නමැති පොරොන්දම පෙන්වා දෙන්නේ සංසාරගත බැඳීම බව මගේ අදහසයි. එවැනි අය බොහෝ ආත්ම ගණනක් සුහදව, ප්‍රීතියෙන් යුගදිවි ගත කරති ධර්මානුකූල වූ පවට බය වූ කිසිවෙක් පරඹුවන් පර සැමියන්ගේ පහස සොයා නොයන අතර තම පවුල වෙනුවෙන් කළ යුතු වගකීම් හා යුතුකම් ඉටු කරමින් දිවි ගෙවයි. සාංසාරිකව සතුරන් ලෙස පළිගැනීමේ ෙච්තනාවෙන් එක්වන අයද සිටිති. පොරොන්දම් ගැළපුනද මේ ආත්මයේදී සතුරු වෙසින් කටයුතු කරන්නේ එසේ පළිගැනීමටය.
මේ අනුව කේන්ද්‍ර පරීක්ෂාවකදී ඕනෑම කෙනෙකුගේ ගති ගුණ ස්වාමියාට බිරිඳට අවංකව ආදරය කරන්නේද, පවුලේ දියුණුවට මෙන්ම තම අනාගතය සාර්ථක කර ගැනීමට උත්සාහ ගන්නේද යන්න පැහැදිලි කර ගත හැකිය. සාර්ථක විවාහයක් ගත කිරීමට කේන්ද්‍රයක පොරොන්දම් ගළපා බලන්නේ මේ නිසයි. එබැවින් විවාහපේක්ෂාවෙන් සිටින ඔබ සෑම කෙනෙක්ම පොරොන්දම් ගලපා ඒ අනුව කටයුතු කළ යුතුය. එසේම අවංකව ආදරය කර විවාහ වීමට අපේක්ෂාවෙන් සිටින තරුණ තරුණියන් තම ආදර ගමන ආරම්භ කිරීමට පෙර කේන්ද්‍ර පරීක්ෂාවක් කර ගැළපීම් තිබේ නම් ආදර සම්බන්ධය තහවුරු කරගැනීම සුදුසු බවද, එමගින් පසුවට ඇති විය හැකි දුක්පීඩා, වියෝවීම් මඟහරවා ගත හැකි බවද කියා සිටිමි. ගැළපීම් සහිත විවාහයක් අවුල්වන්නේද ගැලපීම් නොබැලූ විවාහ සාර්ථක වන්නේ කෙසේ දැයි ඔබට අවබෝධ වී ඇතැයි මා සිතමි. එසේම පොරොන්දම් ගළපා විවාහ වීමෙන් සාර්ථක විවාහ ජීවිතයක් ලැබෙන්නේ කෙසේදැයි පැහැදිලි කළෙමි. විශේෂයෙන් විවාහයෙන් පසු කායිකව මානසිකව වැඩි පීඩනයකට පත්වන්නේ කාන්තාවන් බැවින්, කාන්තා ඔබ මේ කරුණු හොඳින් සලකා බලා තීරණ ගත යුතුය.
පොරොන්දම් ගැළපීම
දැන් සාර්ථක විවාහ ජීවිතයක් සඳහා ජ්‍යෙතිෂයෙන් ලැබිය හැකි පිහිට ලෙස සලකන පොරොන්දම් ගැළපීම් පරීක්ෂාව ගැන සලකා බලමු. ප්‍රධාන වශයෙන් පොරොන්දම් 20 ක් පිළිබඳව කරුණු ඉදිරිපත්ව තිබෙන අතර, එයිනුත් අවශ්‍යයෙන්ම ගැළපීම් තිබිය යුතුයෑයි පැවසෙන්නේ
01 නක්ෂත්ර පොරොන්දම
02 ගණ පොරොන්දම
- යෝනි පොරොන්දම
04- රාශි පොරොන්දම
- පක්ෂි පොරොන්දම
06 භූත පොරොන්දම
- ර-ජු පොරොන්දම
08 නාඩි පොරොන්දම
09 වෘක්ෂ පොරොන්දම
10 ලිංග පොරොන්දම
ලෙස නම් කර තිබෙන මෙම පොරොන්දම් දහය ගැනයි. ස්ත්‍රී, පුරුෂ කේන්ද්‍ර දෙකක් අතර ගැළපීම් පරීක්ෂාවේදී ඉහත සඳහන් පොරොන්දම් දහය හොඳින් ගැලපේ නම් එම කේන්ද්‍ර හිමියන් අතර විවාහය සාර්ථක වන බවට නිර්දේශයක් ලබාදිය හැකිය. දැන් මෙම පොරොන්දම් දහය ගැන පිළිවෙළින් විස්තර කර දෙමි. 01. නක්ෂත්ර පොරොන්දම අස්විද බෙරණ කැති, රෙහෙණ , මුවසිරිස, අද පුනාවස, පුෂ අස්ලිස – මා පුවපල් – උත්‍රපල් – ගත – සිත – සා – විසා – අනුර – දෙට – මුල – පුවසල – උත්‍රපල – සුවන – දෙනට – සියාවස පුවපුටුප – උත්‍රපුටුප – රේවතී යනුවෙන් නැකැත් විසිහතක් තිබේ. මෙම නැකැත් 27 නැකැත් 03 බැගින් කොටස් 03 කට බෙදා ඇත. යම් අයකු උපන් නැකත මුල් කරගෙන ගණනය කරන විට 01 ජන්ම – 02 සම්පත් – 03 විපත් 04 ක්ෂේම – 05 ප්රත්යාරි – 06 සාධක 07 වධ – 08 මෛත්‍රී -09 පරම මෛත්‍රී යනුවෙන් නම් කර ඇත. උදා ඔබ අද නැකතෙන් උපන්නා නම් එය ජන්ම නැකතයි. ඉන්පසු පිළිවෙළින් සම්පත් ආදී නම්වලින් ගණනය කරයි. නැවතත් මේ ක්‍රමයට ගණින විට නැකැත් 03 ක් ජන්ම, 03 ක් සම්පත් 03 ක් විපත් ලෙස එක්වේ. ස්ත්‍රී උපන් නැකතේ සිට පුරුෂයා උපන් නැකතට ගැන්න විට සම්පත්, ක්ෂේම – සාධක – මෛත්‍රී, පරම මෛත්‍රී නැකැත් අසුවේ නම් විවාහයට ශුභවේ. එසේම පුරුෂයාගේ නැකතේ සිටද මේ කොටස්වලට අසුවේ නම් ඉතාම ශුභයි. ඒ නක්ෂත්ර පොරොන්දම ගැන පැහැදිලි කිරීමයි.
ගණ පොරොන්දම
මීළඟට අංක 02 යටතේ ඇති ගණ පොරොන්දම ගැන සලකා බැලීම අස්විද ආදී නැකැත් 27 දේව ගණය, මනුෂ්‍ය ගණය, රාක්ෂ ගණය යනුවෙන් ගණ 03 කට බෙදා ඇත. මේවා පංචාංග ලිත්වලින් හඳුනා ගත හැකිය. ස්ත්‍රී පුරුෂ දෙදෙනා එකම ගණයට අයත් නම් එය හොඳම ගැළපීමකි. ස්ත්‍රී දේව ගණය පුරුෂයා මනුෂ්‍ය ගණය නම් එය මධ්‍යම පලදායකයි. එසේම ස්ත්‍රීය දේව ගණයටද පුරුෂයා රාක්ෂ ගණයට අයත් වේ නම් පහත් තත්ත්වයට පත්වීමට හේතුවකි. ස්ත්‍රීය මනුෂ්‍ය ගණයේ සහ පිරිමියා රාක්ෂ ගණයට අයත් වේ නම් එය මාරක ගෙන දෙන පිහිටීමක් බව කියෑවේ.
විවාහපේක්ෂිකාව රාක්ෂ ගණයට අයත්ව පිරිමියා මනුෂ්‍ය ගණයේ නම් මාරකයන් සහ ධනහානි ගෙන දෙන බව දැනගත යුතුයි. මේ අනුව මෙම ලිපියේ සඳහන් පොරොන්දම් 10 අතරින් 02 වන ගණ පොරොන්දම ගැළපීම ඔබට පැහැදිලි වෙතැයි සිතමි. දැන් අංක 03 යෝනි පොරොන්දම ගැන විමසා බලමු. නැකැත් විසිහතට යෝනි අයත් වන ආකාරයද පංචාංගලිතකින් දැන ගත හැකිවෙයි. එය තවදුරටත් පැහැදිලි කළහොත් සිංහයා, සිංහ දෙන, ඇතා, ඇතිනි, මුවා, මුවදෙන, එලුවා, එළුදෙන, අශ්වයා, වෙළඹ, ව්‍යාඝ්‍රයා, ව්‍යාඝ්‍රදෙන, වඳුරා, වැඳිරි, සුනඛ, සුන, මීයා, මූෂීකාව බළලා, බැළලි, ගොන්, ගවදෙන, මීගොන්, මීගවදෙන, සර්ප, සැපිණි මුගටි දෙන ලෙසින් ගැනෙයි.
මෙහිදී ඇත්, සිංහ ගව ව්යාඝ්ර එළු, වඳුරු – සර්ප, මුගටි – බළල් මී, සුනඛ, මුව අශ්ව, මීගව යන යෝනි මහ වෛර යෝනි වේ. එම මහ වෛර යෝනිවලට අයත් දෙදෙනකු අතර විවාහය ඉතාම අශුභ ලෙස සැලකේ. විවාහය කිසිසේත්ම නුසුදුසුය. එකම සතකුට අයත් පුරුෂ යෝනිය පිරිමියාටත් ගැහැනු සතකුගේ යෝනිය ස්ත්රීන්ට හිමි වී නම් එය ඉතා හොඳ ගැලපීමකි. අනිකුත් සතුන්ගේ වූවද පිරිමි සතුන්ගේ යෝනි පිරිමියාටද ගැහැණු සතුන්ගේ යෝනි හිමිවීමද විවාහයට සුදුසුය. මෙයද හොඳින්ම ගැළපීම අවශ්‍යය.
අංක – රාශි පොරොන්දම
අංක – රාශි පොරොන්දමින් සංසාරගත බැඳීම පරීක්ෂා කෙරේ. ඒ අනුව මේ පොරොන්දම සාමාන්‍යයෙන් හිත්වල බැඳීම හෙවත් ආකර්ෂණ ගුණය ගැන විවාහාපේක්ෂකයන් අතර හැඟමක් ඇති කෙරේ. ස්ත්‍රී රාශියෙන් 07-09-10-11 වැනි රාශියක් පුරුෂයාට හිමිවීමද විවාහය සඳහා ගැළපීමකි.
මීළඟට අංක 05 පක්ෂි පොරොන්දම නැකත් 27 භේරූඪ, පිංගල කාක, කුක්කුට, මයුර වශයෙන් පක්ෂීන් පස් දෙනෙකුට බෙදා ඇත. කපුටාම භේරුඬ පක්ෂියා සමවේ. කුක්කූටයාට කපුටා සමවේ. මොණරාට (මයුර) කුකුලා – කපුටා මිත්‍රවේ. පිංගලයාට මයුර, කාක, කුක්කූට – භේරුඬ සතුරුවේ. භේරුඬයාට (රාජාලියා) පිංගල, මයුර කුක්කුට සතුරු වෙයි. සතුරු පක්ෂීන් හිමි අය විවාහය නුසුදුසුයි. අංක 06 භූත පොරොන්දම පඨවි, ආපෝ, තේජෝ, වායෝ ආකාශ වශයෙන් නැකැත් 27 බෙදී යයි. මෙය පංච මහා භූතයන් වේ. මෙහිදී ඉතා හොඳින් ගැලපෙන්නේ, පඨවි, ආපෝ යන භූත දෙක හිමියන් අතරයි. ආපෝ භූත, තේජෝ භූත ඉතා අශුභ වන අතර, අනෙකුත් ඒවා සමවේ. අංක 07 ර-ජු පොරොන්දම ස්ත්‍රී පුරුෂ දෙදෙනාම ශිරෝ ර-ජුවේ නම් ස්වාමි පුරුෂයාට මාරක බව කියෑවේ. දෙදෙනාම බාහු ර-ජුවේ නම් බිරිඳට මාරකයි. දෙදෙනාගේම නාභි ර-ජුවේ නම් දරුවන්ට මාරක තරම්ය. දෙදෙනාම කවී ර-ජුවේ නම් දුප්පත් බවද ස්ත්‍රී පුරුෂ දෙදෙනාම පාදර-ජුවේ නම් නැනිත් තැන යැමට සිදුවේ. මේ අනුව ර-ජු දෙකක අය විවාහය සඳහා වඩාත් සුදුසුය.
නාඩි පොරොන්දම
අංක 08 නාඩි පොරොන්දම පූර්ව මධ්‍ය අන්ත්‍ය වශයෙන් නාඩි කොටස් 03 කි. මෙය නතරවලට බලපැවැත්වෙන අතර දෙදෙනා නාඩි දෙකකට අයත් වීම හොඳින් ගැළපීම් සහිතයි. අංක 09 වෘක්ෂ පොරොන්දම කිරිගස් හරගස් වශයෙන් නැකැත් 27 බෙදා ඇත. දෙදෙනාටම කිරිගස් හිමිවීම හොඳ ගැලපීමකි. මේ විට හොඳ දරුවන් ලැබෙන බව පැවසේ. හරගස් නුසුදුසුය. 10 ලිංග පොරොන්දම පුරුෂලිංග, ස්ත්‍රී ලිංග, නපුංශකලිංග වශයෙන් නැකැත් 27 බෙදී ඇත. දෙදෙනාම ස්ත්‍රී ලිංග නැකැත්වීම ඉතා ශුභ වන අතර, පුරුෂයා පුරුෂ ලිංග නැකැත්වලද ස්ත්‍රී ස්ත්‍රී ලිංග නැකැත්වලද ඉපිද සිටීමද විවාහය සඳහා ගැලපිම් ඇත. ස්ත්‍රීට පුරුෂලිංග නැකැත් හිමිව තිබීම, පුරුෂයාට ස්ත්‍රී ලිංග නැකැත් හිමිව තිබීම විවාහය සඳහා නුසුදුසු බැව් ජ්‍යෙdතිෂ නියමයයි.
සමහර අය මෙලෙස ස්ත්‍රී ලිංග පුරුෂ ලිංග, නපුංශක ලිංග යනුවෙන් හඳුන්වා දී තිබෙන්නේ ලිංග භේදයක් ලෙස සලකන බව පෙනේ. එය එසේ වෙන් කිරීමක් නොවේ. නපුංශක ලිංග නැකැත් හිමිව උපත ලබන අය නපුංශකයෝ නොවෙති. මෙය පුද්ගලයාගේ පෞරුෂයට යම් තරමක බලපෑමක් කරන බව මගේ අත්දැකීමයි. පොරොන්දම් ගැලපීම් ඇතද ස්ත්‍රී පුරුෂ දෙදෙනාගේ කේන්ද්‍රවල ග්‍රහ පිහිටීමද පරීක්ෂා කර බැලීම සිරිතකි. විශේෂයෙන් මනසට නොහොත් සිතට බලපැවැත්වෙන්නේ සඳු ග්‍රහයාගේ බලයයි. පුර පක්ෂයේ 05 වන තීර්ට්යේ සිට පසළොස්වක දක්වා සඳුගේ බලය ඉතා ශුභ දායක වන අතර, කේන්ද්‍රයක ශුභ ස්ථානයක සිටීමෙන් එම බලය දෙගුණවීම නිසා ඒ ජන්ම පත්‍රය හිමි අය. කරුණාවන්ත ඉවසීමේ ගුණය ඇති, පිරිසිදු කම අගයන, සෑම දෙනාටම ගෞරවාන්විතව සලකන අයවෙයි. හොඳ ජීවිත තත්ත්වයක් සමාජශීලී වටපිටාවක් උදාකරගනී. එබැවින් කේන්ද්‍රයක සඳුගේ ශුභ දායකත්වය අත්‍යාවශ්‍යම සාධකයක් බව කිව යුතුය. බොහෝ විට දෙදෙනකු අතර අදහස් ගැළපීමක් සිදුවන්නේ කලාතුරකිනි.
ප්‍රතිවිරුද්ධ මත ඉවසීමට පුරුදු පුහුණුවීම, කේන්තිය පාලනය කර ගැනීම, වැනි කරුණු ගැන සැලකිලිමත්ව කටයුතු කිරීමෙන් ග්‍රහ පීඩා වන්ද අවම කර ගත හැකි බව කිව හැකිය. ඉහත සඳහන් කරුණු හොඳින් අධ්‍යයනය කර දැනුවත් වුවහොත් ඔබටද කරදර දුක් පීඩාවලින් මිදී සාර්ථක විවාහ ජීවිතයක් ගත කිරීමට හැකිවනු ඇත. මෙවන් කරුණු මා විසින් ඉදිරිපත් කරනු ලැබුවේද ඔබට හොඳ විවාහයක් සකසා ගැනීමට අවශ්‍ය දැනුම ලබා දීමටයි. එහි ඵලය ලබා ගැනීම ඔබට භාර කරමි. පොරොන්දම් ගැළපීම සඳහා මීට වඩා පුළුල් ලෙස කරුණු ඉදිරිපත් කළ හැකි වූවද ලිපිය දීර්ඝ වීම වැළැක්වීමට කටයුතු කළ බව සලකන්න.