
අත පය වාරු නැති බව නුඹ දැන දැනම….
අතැර ගියේ නුඹෙ වාරුව අහිමි කර….
කඳුලැල් සලා නුඹෙ පාමුල වැටි යදින…
ආලය හිඟමනකි මා නුඹගෙන් යදින…
තනියම වඟුරවන විට කඳුළැලි නිබඳ…
මතකෙට එන්නෙ නුඹගෙම හුස්මක සුවඳ…
පතා වැලපුනත් ප්‍රේමය අහිමි සඳ…
රංකඳ මතක නැතුවද සැනසුන පපුව…
කිසිවකු නොමැත හදනට සිත රිදුණු මගේ…
කෑලි කැඩී සුණු විසුණුව විසිර ගියේ…
තනිව හඬන විට සිහිකර නුඹව පනේ…
එක සැරයක් එනවද මට දීලා සෙනේ…
සෙනෙහස පාලා මහ මග තනි කරනු එපා…
මෙවන් වේදනා ඇයටත් දැනෙනු එපා…
කඳුළක අගය මතකෙන් ගිලිහෙන්න එපා…
මගේ කඳුළු නුඹහට දෙස් වෙන්න එපා….
✍️ ජානකී