OIP (1)

දෑස් පියවන් ඉන්න දඟලන…
නින්ද බෝ දුර යන හැඩයි….
දෑස්මත දුක් කඳුළු වැගිරෙන….
මතක හිත ගත දවාලයි….
සංසාර දුක උරුම මා හට…
සිතම තවමත් නුඹ සොයයි…
ආයෙ ඇවිදින් ළඟින් ඉනු මැන…
සිතේ සවියම නුඹ තමයි..

නිහඬවම මහා නඩුත් විසඳන…
රාත්‍රිය දිගු වෙන හැඩයි…
කඳුළු කැට සැනසීම අහිමිව…
දෙකම්මුල් තෙමලා දමයි…
නෙතු පියන් නුඹවම සොයාලන…
වෙහෙස දැනෙනා අපමණයි….
රාත්‍රිය නුඹ කරුමයකි මට….
ජීවිතය නවතින හැඩයි….
✍️ ජානකී

About The Author

Leave a Reply