
depressed woman sitting head in hands in the dark bedroom
හදවත බද්ධ කර පෙන්වා ආදරය…
රැකගනු අවැසි නෑ අහිමිව යන නුඹව…
නොකරපු වැරදි පටවා මහ මෙර උසට…
යන්නට ගියා අතහැර මහමඟ මාව…
ආලය කියා පෙන්වා මිරිඟුවක් දිගේ…
මා දිව ගියා අව්රුදු ගණනක්ම දිගේ…
යන්නට අවැසි වී නම් පෙම බිඳලා මෙසේ…
ඇයි පෙම් කලේ හොර රහසෙම සිතට මගේ….
නිහඬව ගෙවන හැම තත්පරයක් ගානෙ..
ඔබෙ රුවමයි මැවුනේ මගෙ දෑස් ඉමේ…
අතැර ගියත් මතකෙන් නොබිදෙන සෙනෙහේ…
රංකඳ මම තවම මඟ බලමින් ඉන්නේ…
✍️ ජානකී