
ඔස්ට්‍රේලියානු එක්දින කණ්ඩායමේ නායකත්වය දැරූ අරොන් ෆින්ච් පසුගියදා එක්දින ජාත්‍යන්තර පිටියෙන් සමුගත් නිසා ඔස්ට්‍රේලියානු එක්දින කණ්ඩායමේ නායකත්වය සඳහා මිචෙල් මාෂ් ගේ නම යෝජනා වී තිබුණි.
එහෙත් ඔහු පවසන්නේ කණ්ඩායමේ නායකත්ව වගකීම දැරීමට තමා සූදානම් නැති බවත් තමා ක්‍රීඩකයෙක් ලෙස උපරිම දායකත්වය කණ්ඩායම වෙනුවෙන් ලබාදීමට අදිටන් කරන බවයි.
ඒ අනුව එක්දින කණ්ඩායමේ නායකත්වය බොහෝවිට ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් ට පැවරෙතැයි විශ්වාස කෙරේ.
නමුත් ඊට පෙර නායකත්ව වගකීම් දැරීම තහනම් කරමින් එරට ක්‍රිකට් පාලක මණ්ඩලය වෝනර් ට එරෙහිව පනවා ඇති නියෝගය හකුලා ගත යුතුය.